රෝහලට ලෙඩා ඇතුළත් කළ හැටියේම මල්ශාලාවටත් දැනුම්දීලා

490

මේ පුද්ගලයාගේ කටට බ්‍රේක් නැත. දැන උගත්කමක් නැති මොහු මොළේ කලඳක් නැති මෝඩයෙකි. නමුත් ගමේ අයට මොහු නැතුවම බැරිය. කොයිකාගෙත් දුක්ගන්නා රාල ද ඔහුය.

 වැල්ලව ප්‍රදේශයට නුදුරු ගමක උන් මේ අපූරු මිනිසා ගමේ මඟුලක දී, අවමඟුලකදී මෙන්ම හැම අවස්ථාවදීම බ්‍රේක් නැතිව මුදුනා වෙයි. මොහුට හැමෝම කීවේ රාලහාමි කියාය.

 “රාලහාමි, අපේ තාත්තාට අසනීපයි. එයා ඉස්පිරිතාලෙට අරන් යන්න හදන්නේ” එසැණින් රෝහලට යන්නට ඉදිරිපත් වූ මොහු වාහනයට ගොඩ වූයේ රෝගියාගේ හිස ඔඩොක්කුවට ගනිමිනි.

 වේගයෙන් පැමිණි රෝගියා රැගත් වාහනය රෝහල පැමිණ ඔහු වාට්ටුවකට ඇතුළත් කළේය.

 “සුනිල් මල්ලි, ඔයාලා ගෙදර යන්න. මම ලෙඩා ළඟ ඉන්නම්.” ඔහු ‘ඩියුටිය’ භාර ගත්තේ ඒ කටයුත්ත ඔහුට භාර එකක් කර ගනිමිනි.

 “අනේ තාත්තව හොඳට බලාගන්න. හදිස්සියක් වුණොත් කෝල් කරන්න. මේ රුපියල් 2000ත් අතේ තියා ගන්න” සුනිල් ඒ ටික කීවේ හැඟීම්බරවය. ඇඳේ සිටින රෝගියා දෙස බැලූ කටකාර රාලහාමිගේ බ්‍රේක් නැති කට ඇරිණි. “සුනිල් මල්ලි, යන ගමන් පියරත්න මල්ශාලාවටත් මතක් කරගෙන යන්න” ඒ කට කැඩෙන කතාව ඇසූ විට රෝගී පියාගේ පුතුට නට්ටටම නැග්ගේ උන්හිටි තැන් අමතක කරමිනි.

 “රාලහාමි, තමුසේ යනවා ගෙදර. මම තාත්තා ළඟ ඉන්නම්” කියා සුනිල් රෝහලේ නතර වූයේ රාලහාමිගේ අතේ ගුලිවී තිබූ දෙදාහක මුදල ද උදුරා ගනිමිනි.

 ප්‍රේම්

advertistmentadvertistment
advertistmentadvertistment