රෝහල්වල රුධිර පාරවිලයනයත් අවදානම්!

189

සැපයුම් සහ ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් රෝහල් තුළ රුධිර පාරවිලයන සේවාවන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෛi රසායනාගාර විiාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

රුධිර පාරවිලනය සඳහා රුධිරය එකතු කර ගැනීමට සහ රුධිර කොටස් වෙන්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ‘ටි්‍රපල් බෑග්’ හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව එම සංගමය කියයි. එමෙන්ම සියලු රුධිර පාරවිලයන සේවාවන් සහ භයානක රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය පරීක්‍ෂණයක් වන ‘කුම්බි’ පරීක්‍ෂාව සඳහා ප්‍රතික්‍රීයක නොමැතිවීම නිසා එම පරීක්‍ෂාවන්ද නතර වී ඇතැයි වෛi රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (25දා) පැවැසීය.

මෙම අවශ්‍යතා සපුරා ගැනීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් ඉදිරි මසක පමණ කාලය ඇතුළත රුධිර පාරවිලයනය අර්බුදක් වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment