රෝහල්වල හිඟ වුවත් ෆාමසිවල ඖෂධ හිඟයක් නෑ

67

පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති

ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් තිබුණද පෞද්ගලික ඔසුසල්වල විශාල ඖෂධ හිඟයක් නැතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා පැවසීය.

පෞද්ගලික ඔසුසල්වල පිළිකා ඇතුළු රෝග කිහිපයකට අවශ්‍ය ඖෂධවල යම් හිඟයක් තිබුණද තම සංගමයේ 077-1977177 හෝ 045-2275636 අංකවලින් විමසීම් කළහොත් එම අත්‍යවශ්‍ය ඖෂධ තිබෙන ස්ථාන දැනගත හැකි බවද ගන්කන්ද මහතා කීය.

මෙම අංකවලට දිනපතා ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඖෂධ තිබෙන ස්ථාන සහ මිල ගණන් මහජනතාවට දැනුම් දෙන බවත් ඇතැම් පාර්ශ්ව අධික මිල ගණන්වලට ඖෂධ අලෙවි කරන බවට චෝදනා කළත් මිල පාලනයක් ඇති නිසා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම නීති විරෝධී බවත් ගන්කන්ද මහතා පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment