රෝහල් අවදානමේ : එස්පීසී බෙහෙත් පොල්ල බිලියන 45 ක්!

212

සැපයුම්කරුවෝ බෑ කියති

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයීම නිසා රුපියල් බිලියන 45 කට වැඩි මුදලක් සැපයුම්කරුවන්ට ගෙවීමට අමාත්‍යාංශයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙවැනි විශාල මුදලක් ගෙවීමට තිබෙන නිසා එම සැපයුම්කරුවන් තවදුරටත් ඖෂධ සැපයීමට නොහැකි බව පවසන බවත් එම නිසා රෝහල්වලට අවශ්‍ය ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණ සපයා ගැනීම ගැටලුවක් බවත් එම ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකවර මාස තුනකට ඖෂධ සපයන ලෙස සැපයුම් කරුවන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන්ට විශාල මුදලක් ලබාදීමට තිබියදී තවදුරටත් ඖෂධ සැපයීමට ඔවුන් ඉදිරිපත් වීම සැක සහිත බවද එම ආරංචිමාර්ග තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment