රෝහල් කුස්සියෙත් ළිප නිවෙයි

180

රජයේ රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට හා සෞඛ්‍ය සේවකයන්ට ආහාර පාන පිසීමට අවශ්‍ය ගෑස් නොමැතිවීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත්, දැනටමත් රෝහල් තුළ ගෑස් සිලින්ඩර් ඇත්තේ සතියකට පමණක් ප‍්‍රමාණවත්ව බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

රෝහල්වල උද්ගතවිය හැකි මෙම ගැටලුව ගැන සෞඛ්‍ය බලධාරීන් වහා අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම කීවේය.

දැනටමත් ඇතැම් රෝහල් දර වලින් ආහාර පිසීමට පෙළඹී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

පසුගියදා කොළඹ ජාතික රෝහලේද ගෑස් නොමැතිකම හේතුවෙන් රෝගීන්ට දර වලින් ආහාර පිස ලබාදී ඇතැයිද ඔහු කීවේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment