රෝහල්, ඛනිජ තෙල්, විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ

88

රෝහල්, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා (04 දා) රාත්‍රි නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම සහ ප්‍රතිකාර කිරීම ඇතුළු සියලු කර්යයන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

ඒ අනුව එම සේවාවන් සපයන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවහිරතාවයක් හෝ බාධාවක් ඇති නොවිය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment