රෝහල් වැසිකිළියේ බෝම්බ තැබූ සැකකරුගේ මිතුරා ළඟ උණ්ඩ 18 ක්… මේවා සොරාගෙන ඇත්තේ මියගිය ඇමැතිවරයකුගේ නිවසකින්

139

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බයක් සැඟවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඔහුගේ මිතුරා සඟවාගෙන සිටි ජීව උණ්ඩ 18 ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (16 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත. 02 – පිටුවට

මෙම සැකකරු වැලිකන්ද මහසෙන්පුර ප‍්‍රදේශයේ සැඟවී සිටියදී එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ඔහු සතුව තිබූ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 – 26 වයස්වල පසුවන තරුණයන්ය.

ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ කොළඹ විජේරාම ප‍්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කිරීමේදී එම නිවසේ කුඩා අල්මාරියක තිබූ මෙම අත්බෝම්බ සහ ජීව උණ්ඩ සොරාගත් බවයි.

අත්බෝම්බය සහ ජීව උණ්ඩ විකුණා මුදල් ලබා ගැනීමේ අරමුණෙන් ඒවා සොරාගත් බවද සැකකරුවන් පොලිසියට පවසා ඇත.

පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම බෝම්බය සහ ජීව උණ්ඩ තිබූ නිවස මේ වනවිට ජීවතුන් අතර නැති ඇමැතිවරයකු පදිංචිව සිටි නිවසක් බවයි.

එම ඇමැතිවරයා මිය යෑමෙන් පසු මෙම නිවස වසර කීපයක් වසා දමා තිබූ අතර එය පසුව අලූත්වැඩියා කර තිබේ.

නිවස අලූත්වැඩියා කළ අවස්ථාවේ සැකකාර තරුණයන් දෙදෙනා එහි පැමිණ ඇති අතර අත්බෝම්බය සහ ජීව උණ්ඩ සොරාගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක කුණු බක්කියක මදුරු දඟරයකට සවිකර මෙම බෝම්බය තබා ඇත්තේ මෙම තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකි.

බෝම්බය පිළිබඳව ඔත්තුවක් ලබාදී පොලිසියෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමට මෙම ක‍්‍රියාව සිදු කළ බව සැකකරු පොලිසියට පවසා තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment