රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ පහසුකම් සම්පාදනයට ඩයලොග් ආසියාටා අරමුදල් සපයයි

151

වමේ සිට දකුණට – එස්. ජානක ශ‍්‍රී චන්ද්‍රගුප්ත මහතා – අතිරේක ලේකම්- (සංවර්ධන), වෛද්‍ය එස්. එච්. මුණසිංහ -ලේකම් – සෞඛ්‍ය අමාත්‍යංශය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, සුපුන් වීරසිංහ මහතා – අධ්‍යක්ෂ/ සමූහ ප‍්‍රධාන විධායක – ඩයලොග් ආසිආටා පී.එල්.සී, වෛද්‍ය අසේල ගුණවර්ධන – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අන්වර් හම්දානී – අධ්‍යක්ෂ-වෛද්‍ය තාක්ෂණ සහ සැපයුම් – සම්බන්ධීකරණ ප‍්‍රධානී/කොවිඞ් 19 ඡායාරූපයේ වෙති.

 පවතින වසංගත තත්ත්වය හමුවේ ක‍්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය සේවා ප‍්‍රයත්නයන් වෙනුවෙන් ලබාදෙන සිය දායකත්වය තවදුරටත් ඉදිරියටම රැගෙන යමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබූ රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නැංවීම පිණිස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ප‍්‍රතිඥා දෙන ලදී.

 මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවෙනුයේ 2020 වසරේදී හෝමාගම මූලික රෝහලේ සහ මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකක නැංවීම උදෙසා ඩයලොග් සමාගම විසින් සිදු කළ මූල්‍ය ප‍්‍රදානයෙන් අනතුරුවය.

 මෙම වැඩසටහන හරහා HDU ඇඳන් 7ක් සහ නවීනතම උපකරණ ආදිය එක්කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධි යැපුම් ඒකකයේ (HDU) ධාරිතාව ඉහළ නැංවෙනු ඇත. එසේම වසරකට බාහිර රෝගී අංශයෙන් 150,000ක් සහ නේවාසික ප‍්‍රතිකාර සඳහා රෝගීන් 20,000ක් පමණ ප‍්‍රතිකාර ලබාගන්නා නමුත් මෙතෙක් HDU පහසුකම් නොමැති වූ ඇහැලියගොඩ රෝහලේ, එකී HDU පහසුකම් ස්ථාපනය කිරීමද මේ යටතේ සිදුකිරීමට නියමිතය. ශ්වසන පද්ධතියට බලපාන රෝගී තත්ව සහ තවත් රෝග රැසකට ප‍්‍රතිකාර පිණිස යොදාගන්නා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන යන්ත‍්‍රයක් හෙවත් CPAP යන්ත‍්‍ර එකක් පමණක් ඇති, ලක්ෂ 4ක ජනගහනයක් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සපයන පුත්තලම මූලික රෝහලට මේ යටතේ, ජීවිත සුරැකුම වෙනුවෙන් අතිශය වැදගත්මක් ඇති CPAP යන්ත‍්‍රයක් හිමිවනු ඇත. තවද, රාජගිරිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය, රාගම ශික්ෂණ රෝහල, පුත්තලම මූලික රෝහල සහ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙනුවෙන් නවීනතම උපකරණ ප‍්‍රදානය කිරීමට ද යෙදුණි. එපමණක් නොව, දිවයිනම ආවරණය වන සේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තෝරාගත් තවත් රෝහල් සහ කොවිඞ්-19 ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 12ක් වෙනුවෙන්ද, බරපතල කොවිඞ්-19 අවස්ථාවන් සහ අනෙකුත් ශ්වසන රෝගී තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර කිරීමේදී යොදාගන්නා, ඔක්සිජන් නිපදවීමේ සහ සිලින්ඩරවලට පිරවීමේ යන්ත‍්‍රවලින් සමන්විත ලීටර 10 ධාරිතාවයෙන් යුත් පූර්ණ ස්වයංක‍්‍රීය ඔක්සිජන් සාන්ද්‍රකයන් හෙවත් Oxygen Concentrators ද සැපයෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment