රෝහිණී කවිරත්නගේ නම හැලේ

846


විශ්වාසභංගයට තමන් අත්සන් කළත් තම පක්ෂය විසින් ප්‍රසිද්ධ කළ ලැයිස්තුවේ තම නම සහ ඡායාරූපය ඇතුළත් නොකිරීම ගැන බලවත් කනගාටුවට පත්වන බව මාතලේ දිස්ත්‍රික් සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.ජනතා නියෝජිතයින් ලෙස මේ අවස්ථාවේ තීන්දු තීරණ ගතයුත්තේ රටට ජනතාවට යහපතක් වන පිනිස බවත් පවතින අර්බුදකාරී තත්ත්වය මැඩලීමට අවශ්‍ය කාරනා මත බවත් ජනතාව වෙනුවෙන් සැබෑ දායකත්වයක් ලබාදීම සම්බන්ධව ප්‍රසිද්ධියක් ලබාදීම පක්ෂයේ වගකීම බවද මන්ත්‍රීවරිය පැවසුවාය.එනිසා ඊයේ පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවූ බව ඇය මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment