ලංකාවටත් කම්පන ක‍්‍රමවේදයක්

342

මේ වසරේ ජුනි 17 සිට ජුලි 28 දක්වා කාල සීමාව තුළ පමණක් දරුවන් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡුායාරූප 17,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙරටින් විවිධ උපාංග ඔස්සේ අන්තර්ජාලයට එක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කර තිබිණි. මේ කරුණු අනාවරණය වී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් කරන ලද විමර්ශන තුළිනි. ඉහත කාල සීමාවේ දී වීඩියෝ ක්ලිප් සහ ඡුායාරූප 17,629 ක් ලැප්ටොප්,ඩෙස්ක්ටොප් පරිගණක,ටැබ් සහ ජංගම දුරකථන ඔස්සේ සයිබර් අවකාශයට මුදා හැර තිබේ. ඇත්තෙන්ම ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අසභ්‍ය ප‍්‍රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි. විශේෂයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡුායාරූප බෙදා හැරීම වරදක් වන අතර එය අසභ්‍ය ප‍්‍රකාශන පනත යටතේත් එය වරදකි. ළමුන් ආරක්ෂා කිරීමට නොහැකිවීම සමාජ විපතකි.ළමුන් විපතට හෙලන්නේ වැඩිහිටියන් විසිනි. එහෙත් තමන්ගේ දුවා දරුවන් ගැන නිරන්තර විමසිල්ලෙන් සිටීම දෙමාපියන්ගේ පුර්ණ වගකීමකි. දෙමාපියන් තම වගකීම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් දරුවන් අයාලේ යෑම වැළක්විය නොහැකිය. අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15ක දැරියක් මුදලට අලෙවි වූ පුවත පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්විය. නමුත් දැරිය අලෙවි වුයේ ඇගේ මවගේද පුර්ණ සහයෝගය මතය. එසේනම් නිසි ආරක්ෂාව ලැබෙන්නේ කාගෙන්ද? මෙය බලවත් ඛේදයකි. දරුවන් අපහරණයට පත්වන්නේ ඔවුන්ගේ සමීපතමයන් අතින් මිස නන්නාදුනන අය අතින් නම් නොවේ. මේ බොහෝ අපචාර දැනුවත්ව හෝ නොදැනුවත්ව ජංගම දුරකථනය හරහා පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීම දැන් විලාසිතාවක් වීම බරපතල තත්ත්වයකි. නැත්නම් මාසයකට තරමක් වැඩි කාලයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡුායාරූප 17,000 මුදා හැරෙන්නේ කෙසේද?

 අන්තර්ජාල අසභ්‍ය වීඩියෝ නැරඹීමට යොමු වීම බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරවන්නක් බව බි‍්‍රතාන්‍ය පර්යේෂණයකදී හෙළිව තිබිණි. අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම හේතුවෙන් ලිංගික සෞඛ්‍යය ගැටලූ‍වලට ගොදුරු වන තරුණයන්ගේ ඉහළ වැඩි වීමක් පෙන්නුම් කරන බව බි‍්‍රතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ මනෝ චිකිත්සක වෛද්‍යවරියක් වන ඇන්ජෙලා ග්‍රෙගරි මහත්මිය ප‍්‍රකාශ කර තිබිණි. ඇය කියන්නේ මේ නිසා අවුරුදු 18 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බවයි අන්තර්ජාලයට පිවිස ඉතා පහසුවෙන් අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹීමට හැකි වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඇය පවසයි. මෙය සැබවින්ම බරපතල තත්ත්වයක් නොවන්නේද? නමුත් අන්තර්ජාල අසභ්‍ය වීඩියෝ දිනෙන් දින වැඩිවීම මිස අඩුවක් නම් දක්නට නැත. ‘සෙක්ස්’ යන වචනය වැඩි වශයෙන් ගූගල් ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ‍්‍රී ලංකාව ඉහළින්ම සිටින බව ‘ගූගල් ට‍්‍රනේඞ්ස්’ සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යයි. මේ සෙවුම් අයහපතට මිස යහපතට නම් නොවේ. සඟවන ලද කැමරා ඔස්සේ පටිගත කරන ලද අසැබි දර්ශන හා සම්බන්ධ ලිංගික අපරාධ දහස් ගණනාවක් දකුණු කොරියාව තුළ වසරක් පාසා වාර්තා වේ. මෙය සමාජ අර්බුදයක් නිසා මෙවැනි වීඩියෝ දර්ශන සොයා අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන් කම්පනයට පත් කළ හැකි ක‍්‍රමවේදයක් වෙත මේ වනවිට දකුණු කොරියානු බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. ඉදිරියේදී ලංකාවටත් කම්පන ක‍්‍රමවේදයකට යන්නට වෙයිද? ඒ සදහා දකුණු කොරියාවෙන් උපදෙස් ලබා ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment