ලංකාවට ආදරය කළ  අද නික්ම යන ජපන් හිටපු  අගමැති අබේ

851

කැලණි රජමහා විහාරයට පැමිණිදා…

 සාහසිකයකු විසින් ඝාතනය කරන ලද ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවමඟුල අද ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.

 ඔහු කීප වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු වන ෂින්සෝ අබේගේ මරණය ගැන ජපන් ජනතාව දැඩි ලෙස කම්පනයට පත්වී තිබේ. ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා දීර්ඝ කාලීන මිතුදමකි. වසර ගණනාවකට පෙර ජපානයට යුක්තිය ඉටුකර සාමය ලබාදීමට එවක මුදල් ඇමැතිව පසු කලෙක මෙරට ජනපති පදවිය හෙබ වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කරන ලද උත්තම මෙහෙවරට අදත් ජපානය අප රටට ගෞරව දක්වන්නේය. ජපානය වැනි රටක මෙවැනි සාහසික ඝාතනයක් සිදුවීම ශ්‍රී ලංකාවද දැඩි ලෙස හෙළාදැක ඇත. මේ අතර යුනිෆිකේෂන් පල්ලිය තම මව සතු විශාල මුදලක් වංචා කළ බව ඝාතකයා පොලිසියට හෙළිකර ඇත තම මව සතු විශාල මුදලක් ජපානයේ ආගමික සංවිධානයකට ලබාදීම නිසා එම මුදල අහිමිවූ බව ටෙට්සානා නමැති සාහසිකයා හෙළිකර ඇත. මෙම ආගමික සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට තමා මුලින්ම තීරණය කර තිබූ බව පැවසූ ටෙට්සානා මෙකී ආගමික සංවිධානය එම මුදල් වංචා කළ බව ඝාතකයා පැවසුවේ යැයි කියාඩෝ පුවත් සේවය සඳහන් කළේය. එම ආගමික සංවිධානය පොලිසියට හෙළි කර ඇත. හිරෝෂිමා ප්‍රාන්තයේ නාවික නිලධාරියකු ලෙස සේවය කළ ටෙට්සානා පසුව පුද්ගලික ආයතනයක රැකියාව කර තිබේ. සිය මවට මුදල අහිමිවීම ගැන දේශපාලකයකු වගකිවයුතු බව ඔහු තවදුරටත් පවසා ඇත. එහෙත් ඝාතකයා එම ඝාතනය ගැන වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. යුනිෆිකේෂන් චර්ච් නමැති මෙම ආගමික සංවිධානයට මුදල් ආයෝජනය කළ තම මව බංකොලොත් වූ බව ටෙට්සානා තවදුරටත් හෙළි කළේය. මෙම ආගමික සංවිධානයේ නායකයා සුන් මනුස් මුන් නමැත්තෙකි. එම සංවිධානය මුනින් නමින් හඳුන්වනු ලබයි.

 ජපානයේ අගමැතිවරයාව සිටියදී ෂින්සෝ අබේ කැලණිය රජමහ විහාරයට පැමිණි අවස්ථාවක විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ආශිර්වාද කළ අවස්ථාවක්. කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේ  ධම්මික ආටිගල මහතා ද අසල වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment