ලංකාවට පැමිණි ඇමෙරිකානු බලවතා කවුද?

395

ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් ජෙඩිඩිය පී. රෝයල් (jedidiah p royal) ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න 16 දා හමුවිය.

එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් සමගින් කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මෙම අවස්ථාවේ දී පැවැති සාකච්ඡාවේ දී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා, එක්සත් ජනපද දකුණු ආසියානු කලාපීය නිලධාරී ලුතිනන් කර්නල් ක්‍රිස්ටියන් මිචෙල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා ඇතුළු නිලධාරීහු මෙම හමුවට එක්ව සිටියහ. ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට පැමිණි ඇමෙරිකානු නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ද හමු වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment