ලංකාවට සහාය දෙන්නැයි ඉන්දියාව කියයි

252


ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සමනය කිරීම සඳහා කඩිනමින් සහාය දෙන ලෙස අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ට ඉන්දියාව ද උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඉන්දියාව පෙර නොවූ විරූ ද්විපාර්ශ්වික ආධාර මේ වසරේදී ලබාදී ඇති බවත් එය ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් බවත් සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ එහි වැඩිදුර අනුමැතිය ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය මත රඳා පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුල් ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර සඳහා ඉන්දියාවෙන් දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට හැකි සෑම ආකාරයකින්ම අපි දිගටම සහාය වන බවද සඳහන් කරයි.
මීට අමතරව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන ශ්‍රී ලංකාව තුළ ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment