ලංකාවෙ නිළියක් හැසිරෙන්න ඕනෑ විදිහ මම සුනු විසුනු කළා

618

ලංකාවෙ කොල්ලො මට ආදරෙයි
යාළුවෙලා හිටපු හැම ළමයෙක්ම මට ජීවිතයට පාඩමක් උගන්වල දීලා ගියා

කාලෙන් කාලෙට විවිධ කතා පැතිරුණත් ඇය ඇත්තටම කෙළින් කතාකරන චරිතයක්. ගෙදරට එක මුහුණක්, තිරයට තවත් මුහුණක්, මඟතොටටත් වෙනස්ම මුහුණක් ඇය නඩත්තු කරන්නේ නැහැ. කියන්න තියෙන දේ කෙළින්ම කියලා දමන ඇය ලංකාවෙ කොල්ලො කෙල්ලො අතර හරි ජනප්‍රිය චරිතයක්. නමින් යුරේනි නොෂිකා වුණ ඇය අපට මේ දවස්වල මුණගැහෙන්නේ ගජමෑන් අන්දවන්න යන ස්වීටිගේ චරිතයෙන් වගේම ‘යාළුවෝ ද යාළුයි ද’ සිනමා පටයේ ලුකාගේ චරිතයෙනි. ඉතිං ඇගේ කෙළින් කතාවට අපෙන් ඉඩක් වෙන්වුණා.

● ගජමෑන් වගේම ‘යාළුවෝ ද යාළුයි ද සමගින් යුරේනි ආපහු කරළියට ඇවිත්?

ගජමෑන් නම් මේ වෙනකොට අතිවිශාල ලෙස ප්‍රේක්‍ෂක ආදරයට පාත්‍රවෙලා තිබෙනවා. ‘යාළුවෝ ද යාළුයි ද’ කියන්නේ ලංකාවේ ප්‍රථම ෆැෂන් චිත්‍රපටය. ගජමෑන් ලංකාවේ පළමුවැනි ඇනිමේෂන් චිත්‍රපටය. පැෂන් මූවි එකේ මගේ චරිතය ඉතිං පොඩි, චූටි කොල්ලෙක්ව අවුස්ස අවුස්ස තමයි ඉන්න තියෙන්නේ.

● කොල්ලො පිස්සු වට්ටන චරිතවලට කැමැති ද?

මම මේ චරිතයට හරි කැමතියි” බටහිර චරිතයක්. සැබෑ ජීවිතයේ ඔය පම්පෝරි ගැහැව්වාට” මට කොල්ලො පිස්සු වට්ටන්න පුළුවන් ද කියන්න මම දන්නේ නැහැ ඉතිං. ඒව කොල්ලන්ගෙන්ම තමයි අහන්න ඕනෑ. යුරේනි අක්කා පිස්සු වට්ටනවද කියලා. හැබැයි මම හිතන්නේ වෙනස් චරිතයක්. මම හරි ආසාවෙන් ඒ චරිතයට පණපෙව්වා.

ලංකාවෙ නිළියක් හැසිරෙන්න ඕනෑ විදිහ මම සුනු විසුනු කළා

● යාළුවෝ ද යාළුයි ද ප්‍රිමියර් එකේ යුරේනි ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා නේද?

ඔව්” ඔව්.

● කට්ටිය එදා මොනවද කිව්වේ.

කට්ටියට ගොඩක් සතුටුයි. ලංකාවෙ චිත්‍රපටවලට මම දායකත්වය දීල තියෙනවා හරි අඩුයි. ඒ වගේම මට චිත්‍රපටවලට ආරාධනා ලැබෙනවාත් අඩුයි.

● ඇයි ඒ” යුරේනිට කට්ටිය කැමති නැතිද?

මම ඒක දන්නේ නැහැ. ඒ වගේම එහෙම වෙන්නෙ මොන හේතුවකට ද කියන්නත් දන්නේ නැහැ. නමුත් මාව චිත්‍රපටවලින් බලන්න ආසාවෙන් ඉඳලා තියෙනවා කියල දැනගත්තේ යාළුවෝද යාළුයි ද කියන චිත්‍රපටයෙන් හුඟදෙනෙක් ඇහැව්වේ ඇයි මීට වඩා චිත්‍රපට කරන්න බැරි කියලා. චරිතයට කරපු සාධාරණය ගැනත් කතා කළා.

● තරුණ අධ්‍යක්‍ෂවරුන්ගෙන් යුරේනිට හරියට ආරාධනා ලැබෙනවා?

ඔව් ඔව්. මම කරපු ගොඩක් වැඩවලට කතා කරලා තියෙන්නේ ඒ අධ්‍යක්‍ෂවරුන්ගේ පළමුවැනි වැඩේට. නිනෝ ලයිව්” කූඹියෝ” ගජමෑන්” යාළුවෝ ද යාළුයි ද පළමුවැනි අධ්‍යක්‍ෂණය විදිහට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක ෂූටින් කරලා ආවේ. ඔහුගෙත් පළමුවැනි ටෙලි නාට්‍යය.

ලංකාවෙ නිළියක් හැසිරෙන්න ඕනෑ විදිහ මම සුනු විසුනු කළා

● සිනමාවේ වෙනසක් ඇති කරපු ගජමෑන් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම?

ඒ ගැන ගොඩක් සතුටුයි. හුඟක් සිනමාවේ සහ ටෙලි නාට්‍යවල හැරවුම් ලක්‍ෂ්‍යවල මම කොටස්කාරයෙක් වෙලා තියෙනවා. කිඳුරංගනා කියන්නේ එහෙම වැඩක්. ‘පබා. ට කලින් පළමුවැනි මෙගා ටෙලි නාට්‍යය. එතකොට නිනෝ ලයිව් චිත්‍රපටයේ ලංකාවේ ඔන්ස්ක්‍රීන් කපල් එකක් කිස් කරපු පළමුවැනි චිත්‍රපටය. ඒ කාලෙ ඒකේ හරි ආන්දෝලනාත්මක හෙඩ්ලයින්ස් ගියා. ඊට ලංකාවේ ටෙලි නාට්‍යවල හැරවුම් ලක්‍ෂ්‍යය වන කූඹියෝ හි මටත් අවස්ථාවක් ලැබුණා. මම කරල තියෙන වැඩ සීමිතයි.

● සැබෑ ජීවිතයෙත් චිත්‍රපටයේ වගේ කොල්ලන්ව රවට්ටල තියෙනවාද?

අනේ නැහැ. කොල්ලො මාව තමයි රවට්ටලා තියෙන්නේ. පුදුම විදිහට මාව කොල්ලො රැවැට්ටුවේ. ඒකට තිත තිබ්බා.

●ෆැෂන්වලින් වැඩක් කරන්න කාලෙ හරි නේද?

හැමෝම අහන එකක් තමයි බිස්නස් එකක් පටන් ගන්නේ නැති ද කියලා. මගෙත් එක්ක ක්‍ෂේත්‍රයට ආපු ගොඩක් කට්ටිය දැන් බිස්නස්වලට බැහැලා.

● යුරේනි ඒවා ගැන එච්චර හිතන්නෙ නැහැ.

ඔව් අනේ මගේ ෆස්ට් ලව් එක ඉතිං ඇක්ටින්. ඊළඟට නිවේදන කටයුතු. තරුණ කාලෙ ඔය ටික කරලා බිස්නස්වලට බහිනවා කියලා හිතුවට තවම බැහැ. හයිය හස්බන්ඩ් කෙනෙක් හම්බවුණොත් බිස්නස්වලට බහිනවා.

ලංකාවෙ නිළියක් හැසිරෙන්න ඕනෑ විදිහ මම සුනු විසුනු කළා

●තවම හයිය හස්බන්ඩ් කනෙක් හම්බ වුණේ නැතිද?

තවම හම්බවෙලා නැහැනේ ඒකනේ ප්‍රශ්නේ. ඉතිං එහෙම කෙනෙක් හම්බවුණොත් මට බිස්නස් එකක් කරන්න සපෝර්ට් එකට කෙනෙක් ඉන්නවානේ. දැන් මේ තනියෙන් ඕක පටන් අරගෙන අල කරගන්න ගියොත් ඕක නානවා. හොඳ සහකරුවෙක් හම්බවෙනකම් ඉන්නවා” එයත් එක්කම බිස්නස් එකක් පටන් ගන්න.

● හරි සහකරුවා තෝරගන්න ගිහිල්ලා හරියට රැවටිලා තියෙනවා කියන්නේ?

අපොයි ඔව්. රැවටිලා තියෙනවා අනන්ත අප්‍රමාණ. අද කාලෙ පිරිමි ළමයි අපෙන් කාල බීලානේ ඉන්න හදන්නේ. ඒකනේ ප්‍රශ්නේ. අනික දැන් කාලවල් වෙනස්නේ. ඉස්සර තමයි පිරිමි ළමයි ගැහැනු ළමයව බලාගන්නේ. ඒ වුණාට ජීවිතේ අත්දැකීම් මාර වටිනවා. ඒ හැම කෙනකුටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද මම යාළුවෙලා හිටපු හැම පිරිමි ළමයකුම මට ජීවිතේට පාඩමක් උගන්වලා දීලා ගියා. මගේ ජීවිතේ මාව ඊළඟ තැනට තල්ලු කරපු කට්ටිය. ඉතිං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. කනගාටුවක් දුකක් නෑ. පාඩම් ඉගෙනගෙන මගේ ජීවිතය හරියට ගෙනගිය කෙනෙක්.

ලංකාවෙ නිළියක් හැසිරෙන්න ඕනෑ විදිහ මම සුනු විසුනු කළා

● යුරේනිට අකැමැති අයත් ඇතිනේ

සැබෑ ජීවිතයේදී මම සැහැල්ලුවෙන් ඉන්න ඕනෑ හන්දා මම හිතට හැඟෙන දේ කියනවා. සමහරු ඒක හොඳින් භාරගන්නවා. තවත් සමහරු තරහෙන් භාරගන්නවා. ඒක මට කරන්න දෙයක් නෑ. මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට හැමෝම කැමති වෙන්න ඕනෑ කියලා සම්මතයක් නැහැනේ. අපි කොච්චර හොඳ වුණත්” අපිට අකැමැති මිනිස්සු පිරිසක් ඉන්නවාමයි. සමහර අවස්ථාවලදී මට දැනිලා තියෙනවා මාව පෙන්වන්න බැරි අය. අපි කතාවට කියන්නේ යුරේනිව දිරවන්නේ නැහැ කියන අය මට මුහුණෙන් පේනවා.

● යුරේනිව වැඩිපුර පෙන්වන්න බැරි කොල්ලන්ට ද කෙල්ලන්ට ද

මට හිතෙන්නෙ කෙල්ලො. ගැහැනු කට්ටියට මාව පේන්න බැහැ ලංකාවෙ කොල්ලො මට ගොඩක් ආදරෙයි

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment