ලංකාවේ දරුවන්ගේ කෑමවේල අඩුවෙලා එදිනෙදා වියදමට ගෙදර බඩුමුට්ටුත් විකුණනවා

152

‘සේව් ද චිල්ඩ්රන්’ අලුත්ම වාර්තාවෙන් කියයි

බරපතළ ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාව තුළ සාගින්න වර්ධනය වී පවුල්වලින් අඩකට සිය දරුවන්ට ලබාදෙන ආහාර අඩු කිරීමට සිදුවී ඇති බවට ‘සේව් ද චිල්ඩ්රන්’ නමැති ජගත් සංවිධානය අනතුරු අඟවා ඇත.

සිය අලුත්ම වාර්තාවෙන් එම සංවිධානය දක්වන්නේ සාමාන්‍ය ගෘහස්ථ වියදම සියයට 18 කින් වැඩිවී ආහාර ද්‍රව්‍ය ඇතුළු අනිකුත් භාණ්ඩ ලබාගැනීමට නොහැකි සංඛ්‍යාව සියයට 23 කින් වැඩිවී ඇති බවයි.

ආහාර මිලදී ගැනීම සඳහා ණයට මුදල් ගන්නා සංඛ්‍යාව සියයට 24 කින්ද, එදිනෙදා වියදමට මුදල් ලබාගැනීමට සිය ගෘහභාණ්ඩ පවා විකුණන පිරිස සියයට 28 කින්ද වැඩිවී ඇතැයි සේව් ද චිල්ඩ්රන් අලුත්ම වාර්තාවේ දක්වා ඇත.

දරුවන්ට ආහාර ලබාදීම සඳහා වැඩිහිටියන් ආහාර වේල අඩුකරන බවද බිත්තර සහ යෝගට් පවා දරුවෙකුට ලබාදීමට නොහැකිවී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

එසේම සෑම නිවාස 10 කින් නවයක්ම පවසා ඇත්තේ තම දරුවන්ට ආහාරවේලක් ලබාදීම සහතික කළ නොහැකි බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment