ලංකාවේ පළමුවැනි යුද්ධෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව හමුදාපති අතින් විවෘත වෙයි

347

වේයන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ අලුතෙන් ස්ථාපිත කරනු ලැබූ යුද උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීම යුද හමුදාපති. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 දා) පෙරවරුවේ සිදු කෙරිණි.

යුද හමුදා නිලධාරියකුගේ සංග්‍රාමික යුද ඇඳුමට අදාළ සියලුම යුද උපකරණ එකම ස්ථානයක නිෂ්පාදනය කරන ලංකාවේ පළමුවැනි යුද හමුදා යුද්ධෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව මෙය වන බව හමුදාව කියයි.

මෙම කර්මාන්ත ශාලාව තුළ යකඩ ඇඳන්, කූඩාරම් සැකිලි ඇතුළු අනෙකුත් ලෝහ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර හනෝපකරණ අංශය වෙතින් සියලුම වර්ගයේ පැක් වර්ග, බඳ පටි, කූඩාරම්, කැනපි, වාහන කැනපි, බොඩි ආමර්ද නිෂ්පාදනය කෙරේ.

මීට අමතරව නිමි ඇඳුම් අංශය වෙතින් ආධුනික සෙබළුන් සඳහා ඇවැසි නිල ඇඳුම් වර්ග රාශියක්ද යුද හමුදාවේ අවශ්‍යතාවයට අනුව නිම කරනු ලබයි.

මෙම කර්මාන්ත ශාලාවෙහි සෙබළුන් 400 කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර ඔවුන්ට වෘත්තීය දැනුම ලබාදීමට රජයේ පිළිගත් ආයතන හා සම්බන්ධ වී වෘත්තීය නිපුණතා 3 මට්ටමේ සහතික ලබාදීමට කටයුතු කරනු ලබයි.

වේයන්ගොඩ – ඉන්දික

advertistmentadvertistment
advertistmentadvertistment