ලංකාවේ පළමුවැනි Fashion Film එකේ Main Role මම – ෂෙරීන් විල්ස්

146

Tik Tok කළා කියලා බැන්නට මට මොකෝ

විනෝදයට කරපු Tik Tok එකක් හින්දා තමන් පුංචි කාලයේ ඉඳලා බලාපොරොත්තු වුණු හීනයක් සැබෑ වෙනවා නම් ඒක මොන තරම් දෙයක්ද? අද අපි කතාබහ කරන්න යන්නේ නුවර ඉඳලා Tik Tok කරලා Social Media වලට දාලා අන්තිමේ රිදී තිරයෙන් නතරවුණු තරුණියක් එක්ක. මෙයාගේ නම ෂෙරීන් විල්ස්. දිල්ෂාර ජයමාන්නගේ අධ්‍යක්‍ෂණයෙන් සහ රසිත ජිනසේනගේ නිෂ්පාදනයෙන් මේ දිනවල තිරගත වන ලංකාවේ පළමු විලාසිතා සිනමා සිත්තම තමයි ‘යාළුවෝ ද යාළුයි ද. ඉතිං මේ සමගම කරළියට එන ෂෙරීන් විල්ස්ගේ වතගොතයි මේ පෙළගැසෙන්නේ.

ෂෙරීන් මුලින්ම ඔයා කවුද කියමුකෝ?

මගේ ගම නුවර. මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි අයියයි ඉන්නේ. මට වයස 23 යි. පාසල් ගියේ නුවර ජාත්‍යන්තර පාසලකට. තාත්තා ඩුබායි හි රැකියාව කළේ. අම්මා ගෘහණියක්.

ඉස්කෝලෙන් අස්වුණාට පස්සෙ මොනවද කළේ?

මම මොඩ්ලින් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ මම වෙළෙඳ දැන්වීම්වලට එහෙම සම්බන්ධ වුණා.

මොඩ්ලින් කරනවාට ගෙදරින් කැමති වුණාද?

ගෙදර කට්ටියගෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම පුංචි කාලෙ ඉඳලා ආස කළේ ෆැෂන් ඉන්ඩස්ටි්‍ර එකෙන් ඉදිරියට යන්න.

මොඩ්ලින් ගැන ඉගෙන ගෙන තියෙනවාද?

එහෙම නැහැ. මම නිදහස් නිරූපණ ශිල්පිණියක් විදිහට තමයි වැඩ කළේ. මට වැඩිපුර ආරාධනා ලැබුණේ” ඉන්ස්ට්‍රර්ග්‍රෑම් එක හරහා මාව දැකලයි.

Tik Tok එහෙම කරලා හරි හිට් නේද?

ඔව් ඔව් මම ගෙදර නිකං ඉන්නකොට Tik Tok කරලා දානවා. ෆන් එකට වගේ Tik Tok කරලා දැම්මහම ‘යාළුවෝ ද යාළුයි ද. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වුණු දිල්හාරගේ බිරිඳ තමයි මුලින් දැකලා තිබුණේ. අන්තිමේ ඔහුගේ බිරිඳ තමයි ස්ටෙෆිගේ චරිතයට ආරාධනා කළේ.

මේ චිත්‍රපටයේ ඔයාගේ ඥාති සහෝදරියක් එහෙමත් රඟපානවා නේද?

ඔව්… ඔව්… රොමේන් විල්ස් කියන්නේ මගේ ඥාති සහෝදරියක්. එයාවත් මේ චිත්‍රපටයට මට කලින් කාස්ට් වෙලා තිබුණේ ගායිකාවක් විදිහට. එකම නම තිබුණු හින්ද ඒගොල්ලො අහල තිබුණා ෂෙරීන් විල්ස් ඔයාගේ කවුරු හරිද කියලා. අන්තිමට එයා කියල තිබුණා” මගේ ඥාති සහෝදරියක් කියලා. එයාගෙන් දුරකථන අංකය අරගෙන තමයි මට චිත්‍රපටයට ආරාධනා කළේ.

ෂෙරීන් කැමති වුණාද?

ඒ දවස්වල අපිට කොවිඩ් ප්‍රශ්න තිබුණා. මූලික තෝරාගැනීම්වලට කොළඹ එන්න වුණේ නැහැ. සූම් තාක්‍ෂණය ඔස්සේ තමයි සියලු දේ කතාබහ කළේ. මම දැනගෙන හිටියෙත් නැහැ” මට මේ කතා කරන්නේ ප්‍රධාන චරිතයකට කියලා.

ලංකාවේ පළමුවැනි Fashion Film එකේ Main Role මම - ෂෙරීන් විල්ස්

ප්‍රධාන චරිතයක් කිව්වහම මොකද හිතුණේ?

ලොක්ඩවුන් කාලෙ අවසර අරගෙන තමයි කොළඹ ගියේ. අන්තිමේ මාව තේරුණා. මම හිතුවෙත් නැහැ මට ප්‍රධාන චරිතයක් හම්බවේවි කියලා. මම ජීවිතේට හිතුවෙ නැහැ රිදීතිරයේ රඟපාන්න පුළුවන් වේවි කියලා. අනික මට රංගනය පිළිබඳ අත්දැකීමුත් නැහැ. ඉස්කෝලෙ කාලෙවත් රඟපාල නැහැ. ඒක මට ලොකු අභියෝගයක් වුණා.

යුරේනි” සාරංග” දිනක්ෂිලාව දැක්කහම මොකද හිතුණේ?

එයාලා හරිම හොඳයි. ඒ හින්ද මට වැඩ කරන්න ලේසි වුණා. මට එයාලව මුලින්ම හම්බවුණේ චිත්‍රපටයේ ෆොටෝෂූට් එකකදී. මට කිසිම වෙනස්කමක් කළේ නැහැ. හරියට එක පවුලක් වගේ. මුලින්ම නම් මට එයාල දකිද්දි බය හිතුණා. හැබැයි ඒක ඒ තරම් හිතට දැනුණේ නෑ” මොකද මාව ආදරෙන් පිළිගත්තනේ.

කැමරාව දැක්ක ගමන් බය හිතුණේ නැතිද?

වෙළෙඳ දැන්වීම්වල රඟපෑවාට අපි දෙබස් ලොකුවට කියන්නෙත් නැහැනේ. නමුත් මේක ලොකු අභියෝගයක් වුණා. ඇත්තටම කැමරාව දැක්ක ගමන් පුංචි බයක් හිතට දැනුණා. අනික ගොඩක්දෙනෙක් බලාගෙන ඉන්න හින්දත් පුංචි ලැජ්ජාවක් එහෙම ආවා.

දැන් මොඩ්ලින් කරන්නේ නැතිද?

කරනවා” කරනවා. මොඩ්ලින්වලින් ඈත්වෙලා නැහැ.

දැන් Tik Tok කරන වැඩේ නවත්වලා ද?

තවම Tik Tok කරනවා. මම හිතුවෙත් නැහැ Tik Tok එකකින් මූවි එකක් හම්බවේවි කියලා අලුතෙන් එන ටේ‍රන්ඩ්ස් කරනවා. මේක තවම මටත් හිතාගන්න බැහැ.

මොඩ්ලින් ගැන කට්ටිය එක එක කතා කියනවානේ?

සමාජයෙන් මටත් එහෙම කතා ඇහිල තිබෙනවා. ඒ වගේ ප්‍රශ්න නැහැ. හැබැයි නොමග යන අයත් ඉන්නවා. තමන්ගේ වැඩේ කරලා” පාඩුවේ ගෙදර ආවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.

මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා චිත්‍රපටය නරඹපු අයත් කිව්වා ක්‍ෂේත්‍රයට අලුත් අත්දැකීමක් වේවි කියලා.

අධ්‍යක්‍ෂවරයාගේ නෝනා මොනවද කිව්වේ?

එයාට හරි සතුටුයි. ඇය තමයි මුලින්ම මාව මේ චිත්‍රපටයට තෝරා ගත්තේ.

රඟපෑම හැදෑරීමට කැමතිද?

දැනට නම් එහෙම අදහසක් නැහැ.

නිරූපණයේදී සීමා මායිම් තිබෙනවාද?

ඔව්… ඔව්… මම සීමාවක් ඇතුළේ ඉඳගෙන වැඩ කරන චරිතයක්. මම ගොඩක් වෙලාවට ක්ලෝතින් බ්‍රෑන්ඩ්වලට තමයි මොඩ්ල් කරන්නේ.

Tik Tok කරන චරිතවලට කට්ටිය බණිනවා නේද?

Tik Tok කරනවා කියලා සමහරු පල්ලෙහාට දානවනේ. මම කැමති දේ මම කරගෙන හිටියා. මාව වුණත් පල්ලෙහාට දාපු කට්ටියට දැන් හිතෙනවා ඇති” ටික් ටොක් එකක් හින්දානේ මෙයාට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණේ කියලා. දැන්වත් ඒ ගැන තේරුම් අරගෙන” මම හිතනවා ඉස්සරහටවත් Tik Tok කන්ඩෙම් කරන්නේ නැති වෙයි කියලා.

ඒ වෙලාවේ දුකක් ඇති වුණේ නැතිද?

ගොඩක් කට්ටිය දාන වෛරී අදහස් ගැන මම එච්චර හිතන්නේ නැහැ. හිත රිදෙන දේවල් කිව්වම මම එච්චර ගණන් ගන්නේ නැහැ. සමහර අය කියන දේවල් දැක්කහම මට හිනහත් යනවා. කට්ටිය බලන්නේ මනුස්සයෙක්ව පල්ලේහාට ඇදල දාන්නනේ. කෙනෙක් උඩට යද්දී කකුලෙන් අදින්න තමයි බලන්නේ. මම නම් ඒව ගණන් ගන්නේම නැහැ. ඒව ගැන හිතුවොත් අපිට ඉදිරියට යන්න වෙන්නේ නැහැ.

ටෙලි නාට්‍ය රඟපාන්න ආස නැතිද?

මට ආරාධනා නම් ඇවිත් තිබෙනවා. හැබැයි දැනට නම් ඒ ගැන ලොකු අදහසක් නැහැ. නමුත් හොඳ චරිතයක් ලැබුණොත් භාර ගනීවි.

පෙම්වතියක් කියන්නේ ඇත්තද?

ඒ කතාව බොරුවක්. මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් තවම නැහැ. මට ගැළපෙනම කෙනෙක් ලැබුණොත් ආදර සම්බන්ධතාවයක් පටන් ගනීවි. ඒත් සින්ගල් ලයිෆ් එක හොඳයි.

දිනේෂ් විතාන
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිණි

advertistmentadvertistment
advertistmentadvertistment