ලංකාවේ මාළු අපනයනයට රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්

128

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ජපානය ඇතුළු අනෙකුත් රටවලට අපනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විදෙස් ව්‍යාපාරිකයන්ගෙන් ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා ඉල්ලීමක් කර ඇත.

පසුගියදා ජපානයේ ඔසාකා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හයවෙනි වරටත් පවත්වනු ලැබූ ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින් පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර ඇත. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ අපනයන වෙළෙඳපොළ හා විදෙස් ආයෝජන කෙරෙහි ශ්‍රී ලංකාව උනන්දුවෙන් පසු වන බවත් මෙහිදී විදෙස් ව්‍යාපාරිකයන්ට රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදී ඇති අතර එහිදී බොහෝ ව්‍යාපාරිකයන් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්ත පළ කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment