ලංකාවේ රියැලිටිවල රියැලිටියක් නෑ…

359


කොළඹ ඉතාලිය ලියවුණේ සම්පත්ටම ලූ…

 ‘ලංකාවේ කිසිම සුදුසුකමක් නැතිව එන්න පුළුවන් ක්‍ෂේත‍්‍ර දෙකයි තියෙන්නෙ. එකක් රංගනය. අනිත් එක දේශපාලනය..

 ටිකක් සැර කතාවක්. ගොඩක් අයට රිදේවි. ඒත් මේ කතාව කියන්නෙ අපි නෙමෙයි. අවුරුදු විස්සක් පුරා ක්‍ෂේත‍්‍රයේ ඉන්න කෙනෙක්. ඔහු සම්පත් ජයවීර. බොහෝ දේ ගැන කෙටියෙන් සම්පත් අපට කියූ ඒ කතාවයි මේ.

 කොළඹ ඉතාලියට ලැබෙන ප‍්‍රතිචාර?

 ලෝකෙ ඕනෑම රටක ඉන්න කෙනකුට කතාව දැන් යූ ටියුබ් හරහා ඔන්ලයින් බලන්න පුළුවන්නෙ. ඉතිං ඉතාලියේ ඉන්න රසිකයන් ගොඩක් දෙනෙක් මේ කතාව බලනවා. ඔවුන්ගෙන් වගේම ලංකාවේ රසිකයන්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 නිර්මාණ තෝරාබේරා ගැනීමක් කරනවාද?

 ඔව්. තෝරාබේරා ගැනීමක් කරන්න උත්සාහ කරනවා. නමුත් අපේ රටේ එහෙම කරන්න අමාරුයි. කොළඹ ඉතාලිය රූගත කිරීම් කරල අවුරුදු දෙකක් විතර වුණා. දැන් තමයි විකාශය වෙන්නෙ.

 ඔබ දායක වන වෙනත් නිර්මාණ?

 මේ දවස්වල සියත රූපවාහිනියේ ‘රැුහේ. ටෙලි නාට්‍යය විකාශනය වෙනවා. සුපුන් රත්නායක මහත්මයාගේ ටෙලියකටත් සම්බන්ධ වුණා. තවම විකාශනය වුණේ නැහැ. ඒ වගේ තවත් නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා.

 වර්තමාන ටෙලි නිර්මාණ ගැන ඔබේ අදහස?

 දැන් තියෙන්නෙ විපරීත ක‍්‍රමවේදයක්. බොහෝ පෞද්ගලික නාලිකාවන් ඔවුන්ගේ නාලිකාවේ විකාශනය වන නාට්‍යයක් නම් ඒකට සහභාගි කරන්න උවමනා නළුනිළියන් නම්කරනවා. ඔවුන්ගේ නාලිකාවෙන් විකාශනය වුණ වැඩසටහනකින්” ඒ කියන්නෙ රියැලිටි වගේ එකකින් එන අයට තමයි තැන දෙන්නෙ. මේ දේවල්වල කිසි ක‍්‍රමවේදයක් නැහැ. ශිල්පීන්ගේ එකමුතුවක් නැහැ. ඔවුන් එකතුවෙලා ක‍්‍රමවේදයක් හදාගන්න ඕනා. අපි හදල දීපු ඒවා අමාත්‍යංශවල මේසය උඩ තියෙනව. ක‍්‍රියාවට නැගෙන්නෙ නැහැ. මොකද ඒවා ක‍්‍රියාවට නැගුණොත් වැඩ අරගෙන පස්සෙ රොඩු වගේ විසිකරල දාන්න බැරිවෙනවනෙ.

 මේ ක‍්‍රමවේදයෙන් දක්‍ෂයන්ට තැනක් නැතිවෙලා?

 අනිවාර්යයෙන්ම දක්‍ෂයන්ට තියෙන ඉඩ අහිමි වෙලා. වේදිකාවේ මීට වඩා සිය ගුණයකින් දක්‍ෂ අය ඉන්නවා. නමුත් වේදිකාවෙන්ම එන්න ඕන නැහැ දක්‍ෂ නළුවෙක් වෙන්න. තමන්ට උනන්දුව උත්සාහය තියෙනව නම් ඕනෑම කෙනකුට පුළුවන්. ඒ හැරුණම කිිසිම පදනමක් නැතිව තෝරාගැනීමක් නැතිව අහම්බෙන් ක්‍ෂේත‍්‍රයට පැමිණි අය තමයි ගොඩක් ඉන්නෙ.

 රංගන ක්‍ෂේත‍්‍රයත් දේශපාලනය වගේ වෙලාද?

 ලංකාවේ කිසිම සුදුසුකමක් නැතිව එන්න පුළුවන් ක්‍ෂේත‍්‍ර දෙකයි තියෙන්නෙ. එකක් රංගනය. අනිත් එක දේශපාලනය. සල්ලි” සම්බන්ධතා තියෙනව නම් ටික කාලයක් කඬේ ගියාම දේශපාලනයට ටිකට් එක දෙනව. ඒ මිනිහා හොරෙක් ද” මංකොල්ලකාරයෙක් ද” ස්ත‍්‍රී ¥ෂකයෙක් ද” ළමා අපයෝජකයෙක් ද” යන දේවල් අදාළ නැහැ. අපිම තෝරලා පාර්ලිමේන්තු යවනව. රංගන ක්‍ෂේත‍්‍රයත් එහෙමයි. කිසිම සුදුසුකමක් ඕන නැහැ. හැදෑරීමක්” මූලික දැනුමක් ඕන නෑ. මොකක් හරි සම්බන්ධතාවක් තිබුණ නම් එන්න පුළුවන්. නමුත් පවතින්නෙ වැ පුළුවන් සහ යාවත්කාලීන වන පිරිස පමණයි.

 රියැලිටි තරු නිසා ප‍්‍රවීණයන්ට තැනක් නැතිවෙලාද?

 ප‍්‍රවීණයන්ට ඉඩක් නැත්තෙමත් නැහැ. මෙගා ටෙලි ගත්තොත්” අපිත් ඒවායේ ර`ගපානවා තමයි. නමුත් එහෙම කරන්නෙ ඒ අපේ වෘත්තිය නිසා. අත්හරින්න බැහැනෙ. මේ පුංචි රටේ ටෙලිවිෂන් බලන පිරිස අපි දන්නවා. සංගණනයන් තියෙනවා. එකම පිරිසක් දිගටම වැඩ කරන්න ගියාම දක්‍ෂයන්ට තියෙන ඉඩ ඇහිරෙනව. කොච්චර නිර්මාණ බිහිවුණත් මිනිස්සු වැළඳ ගන්නෙ හොඳ දේ විතරයි. ඉස්සර අපි වේදිකාවේ රඟපානකොට නාලන් මෙන්ඩිස් මහත්මයා වගේ අය ඇවිත් එතනදි ටෙලි නාට්‍යවලට නළුනිළියන් තෝරා ගන්නවා. දැන් එහෙම නැහැ. එ අය ටෙලි නාට්‍යයක් බලල නැහැ” පොතක් පතක් කියවල නැහැ” තාක්‍ෂණික කාරණා ටිකක් දන්නවා. එච්චරයි.

 නිර්මාණයක් භාර ගනිද්දි සැළකිළිමත් වෙන කරුණු?

 ඇත්තටම මේ කාලෙ එහෙම ලොකුවට කරුණු කාරණා හොයල බලන්න බැහැ. පිටපත බලනව. අධ්‍යක්‍ෂවරයා කවුද කියල බලනව. මේ දේවල් කොහොම වුණත් සමහර වෙලාවට අපිට වැඩකරන්න වෙනව. මේ අපේ වෘත්තිය. පාස්කු ප‍්‍රහාරය දවසෙ ඉඳන් කලාකරුවන් මොනරම් අපහසුතාවට පත්වෙලාද ඉන්නනෙ. ඉතිං කොහෙමෙද තෝරාබේරා ගන්නෙ.

 කලාවෙන් ඈත් වුණා නම් හොඳයි කියන තැනද ඔබ ඉන්නෙ?

 එහෙමත් හිතෙන වෙලාවල් නැතිව නොවෙයි. මගේ පැත්තෙන් ගත්තොත් මට වෙන කිසිම වෘත්තීයමය පුහුණුවක් නැහැ. වෙන රැුකියාවක් කරලත් නැහැ. අපි ජීවිතයම කැප කළේ රංග කලාව වෙනුවෙන්. අපේ මිනිස්සු එක එක නායකයො පත්කරගන්නයි” එක එක්කෙනා පුටුවලට ගේන්නයි දඟලන්නෙ නැතිව තමන් සංවිධානය වෙලා දේශපාලකයො ළඟට යන්න ඕනෙ අපේ ක්‍ෂේත‍්‍ර්‍ය වෙනුවෙන් ක‍්‍රමවේදයක්

 හදාගන්න. එහෙම නොවුණාම මේ වගේ අවස්ථාවලදි අපි හැම කෙනාම එකම විදිහට අමාරුවේ වැටෙනව. අපිට ආරක්‍ෂා වෙන්න ක‍්‍රමවේදයක් නැහැ. අපිට ආසන්න රටේ ශිල්පීන් සංවිධානය වෙලා තියෙනව. ක‍්‍රමවේදයක් තියෙනව. වැඩකරන විදිහක් තියෙනව. ආර්ථික අතින් ගොඩක් ශක්තිමත්. කර්මාන්තයක් වශයෙනුත් එහෙමයි. ඔවුන්ගේ

 රටේ මිනිසුන් අසරණ අවස්ථාවේදී කෝටි ගණන් මුදල් පරිත්‍යාග කරනව අපි දකිනව. අපිට අල්ලපු ගෙදර මනුස්සයාට උදව්කරගන්න බැහැ. ඉතින් අපි කරන්න ඕන එක එක නායකයො පස්සෙ ගිහින් වැඳවැටීගෙන එයාලව බලයට ගේන්න වැඩ කරන එක නොවෙයි” අපි එකතු වෙලා අපි ශක්තිමත් වෙලා ක්‍ෂෙත‍්‍රය ශක්තිමත් කරන්න වැඩ කරන එක. ඒක තේරුම් නොගන්නතාක් කල් අපිට ගොඩ යන්න බැහැ.

 කොළඹ ඉතාලියේ පිටපත රචනා වෙන්නෙ ඔබව ඉලක්ක කරලා?

 ඔව්. ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඒ ගැන සතුටුයි. නමුත් මේක චාලකගෙම අදහසක් නොවෙයි. මේ තේමාව යටතේ නාට්‍යයක් කරනව කිව්වම අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් මහත්මයා තීරණය කරල ඉවරයි මේකෙ එක චරිතයක් කරන්නෙ සම්පත් කියල. ඒ අනුව තමයි මාව මූලික කරගෙන පිටපත ලියවෙන්නෙ.

 අලූත් ආරාධනා?

 ලබන අගෝස්තු මාසයේ පටන් ගන්න නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනව. තවම ඒවා සාකච්ඡුා මට්ටමේ තියෙන්නෙ. අසංක සායක්කාර මහත්මයාගේ ටෙලි නාට්‍යයක් කොරෝනා නිසා දෙවතාවක්ම කල් ගියා. හතරවෙනි රැුල්ලක් එන්න කලින් කොහොම හරි කරමු කියල තමයි දැන් කතා වෙන්නෙ.

 රියැලිටි වැඩසටහන්වල ඔබ නැහැ?

 එකම එක වතාවක් රියැලිටි වැඩසටහනකට සහභාගි වුණා. එදා තීරණය කළා නැවත කිසිම දවසක එවැනි දේකට සහභාගි වෙන්නෙ නැහැ කියල. ලංකාවේ රියැලිටි වැඩසටහන් වල නැත්තෙත් රියැලිටියම විතරයි.

 ඔබ කලකිරීමෙන්?

 මෙහෙමයි… මම මේ ක්‍ෂේත‍්‍රයට තරම් වෙන කිසිම දෙයකට ආදරේ නැහැ. උසස් පෙළින් පස්සෙ නාට්‍යකරණයට තමයි සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා අවුරුදු විස්සකට වැඩි කාලයක් මේ වෙනුවෙන් කැපවෙලා මේකම ජීවිතය වෙලා” මේකම වෘත්තිය වෙලා. අවුල ක්‍ෂෙත‍්‍රයේ නොවෙයි” මේක කෙරෙන විදිහ ගැන ලොකු කනගාටුවකුත් කලකිරීමකුත් තියෙනවා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment