ලංකාව අමාරුවේ දමා – මධ්‍යම අධිවේගයට මිලියන 51 ක  – ණය මුදාහැරීම චීන බැංකුවක් අත්හිටුවයි

177

මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම කොටස් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51 ක ණය මුදලක් චීනයේ එක්සිම් බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීම අත්හිටුවනු ලැබ ඇත.

 මේ නිසා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේදී ලක් රජය අර්බුදයට පත්වනවා ඇත.

 මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකිකයෝ 2000 ක් ද චීන ජාතිකයෝ 500 ක්ද සේවය කරති. ණය මුදල අත්හිටුවීම නිසා එම රැකියා සියල්ලම අහිමිවී යනු ඇත.

 මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 කින් සමන්විතය. චීනයේ එක්සිම් බැංකුව මගින් ඉහත සඳහන් මුදල දීම අත්හිටුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගෙන ඇති තීන්දුවයි.

 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2020 දී ආරම්භ වූ අතර 2024 දී නිමකිරීමට නියමිතය. එම ව්‍යාපෘතියේ 32% ක කොටසක් රුපියල් බිලියන 33 ක්වූ මෙරට මුදල් වලින් සිදුකිරීමට රජය භාරගන්නා ලද අතර එම කොටස දැනටමත් නිමවා අවසන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment