ලංකාව ගිවිසුම කැඩුවැයි මැලේසියන් සමාගම නඩු මගට

796

ශී‍්‍ර ලංකාව සමඟ අත්සන් කරන ලද ද්වීපාර්ශ්වික  ගිවිසුමක් කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වීම නිසා තමන්ට සිදුවූ අලාභය වශයෙන් ඩොලර් මිලියන 160 ක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් නඩු පවරා ඇති අතර එම සිද්ධියට සම්බන්ධ මහජන උපයෝගිතා කොමිසම ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලයි.

 මැලේසියාවේ කේ එල් එස් එනර්ජි නමැති බලශක්ති සමාගම මෙම නඩුව පවරා ඇත.

 මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියකින් දැනුම්දෙන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සිද්ධියට අදාළව නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 200 ක් විදුලිබල මණ්ඩලය මගින් දැනටමත් ගෙවා ඇතැයි සඳහන් කර ඇත.

 ඒ පිළිබඳ සිද්ධිය මෙසේය.

 මහජන උපයෝගිතා කොමිසම මගින් එම කොමිසමේ ඉහළ මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව මැලේසියාවේ KSL සමාගමට ශ‍්‍රී ලංකාව තුළ විදුලි බල උත්පාදන ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා බලපත‍්‍රයක් නිකුත් කර ඇත. මෙය මෙගාවොට් 35 ක සුළං සහ සූර්ය බලාගාර ව්‍යාපෘතියකි. මෙය සිදුවී ඇත්තේ 2009 දීය. මහජන උපයෝගිතා කොමිසමේ එවකට සිටි අධ්‍යක්‍ෂ ජනරාල් මහචාර්ය රංජිත් පෙරේරා මහතා මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීමට විරෝධය පළකර ඉල්ලා අස්වී ඇත. ඉන්පසු 2009දෙසැම්බර් 30 වැනිදා එම කොමිසමේ සෙසු ප‍්‍රධානීන් විසින් මෙම බලපත‍්‍රයට අනුමැතිය ලබාදී ඇත.

 එහෙත් පසුව විදුලි බල මණ්ඩලය මෙම ගිවිසුමෙන් ඉවත්වී ඇති අතර KSL සමාගම නඩු පවරා ඇත්තේ ඒ අනුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment