ලංකාව, පාකිස්තානය ඇතුළු රටවල් 54 කට කඩිනම් සහන ඕනෑ – එක්සත් ජාතීන්ගේ සංවිධානය

132

ගෝලීය අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය ඇතුළු රටවල් 54කට කඩිනම් ණය සහන අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව, පකිස්තානය, ටියුනීසියාව, චැඩ් සහ සැම්බියාව වඩාත් අවදානම් රටවල් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මේ රටවල් 54 හි ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අඩකට වඩා වාසය කරන බැවින් ණය සහන අවශ්‍ය වී ඇති බව එම වාර්තාව කියයි. මෙම බලපෑමට ලක් වූ රටවල් ‘ලෝකයේ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් ’ බැවින් එය කණස්සල්ලට කරුණක් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment