ලංකා ඔටෝමොබයිල් සංගමයට  ISO 9001-2015 තත්ත්ව සහතිකය

123

විදෙස් රටවල රිය පැදවීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන ආයතනය හා එක්ව රිය අනතුරු අවම කිරීම සඳහා දායකත්වය සැපයීමත්, වාහන ධාවනය නඩත්තුව ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය ISO 9001-2015තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඔටෝමොබයිල් සංගමයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මෙම තත්ත්ව සහතිකය SGS ආයතනයේ ව්‍යාපාර කළමනාකරු චාමික විමලසිරි මහතා අතින් පිරිනමන ලදී.

 එම උත්සව අවස්ථාව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සංගමයේ උප අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න, ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල හා ලංකා ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මෙන්ම සංගමයේ නිලධාරීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment