ලංකා ගුරු සංගමයෙන් අනිද්දා ජාතික විරෝධතා දිනයක් – සරසවි ඇදුරෝත් හෙට වර්ජනයේ

237

රට හමුවේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා අනිද්දා (20 දා) ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය’

මේ සඳහා වෘත්තීය සමිති රැසක සහය ලැබෙන බවත් එදින රටපුරා විවිධ ස්ථානවල විරෝධතා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් ඔහු කියා සිටියේය’

මේ අතර පවතින අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සංගමය හෙට (19 දා) සංකේත වැඩවර්ජනයක නිරත වේ’

අසනීප නිවාඩු වර්තා කර වර්ජනයේ නිරත වන විශ්වවිiාල ආචාර්යවරුන් හෙට දහවල් 1’00 ට කොළඹ විශ්වවිiාලයේ සිට පාගමනින් ගාලුමුවදොර විරෝධතාවට සහාය ලබාදීමට එම ස්ථානයට ගමන් කරන බව විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බී’එම්’එච්’එස්’කේ’ බස්නැහැක මහතා ‘දිවයින’ට පැවසීය’

ගාලුමුවදොර උද්ඝෝෂණයට සහභාගී වන ආචාර්ය මණ්ඩලය රට වැටී ඇති අර්බුදයෙන් මිදීමට හැකි කෙටි මධ්‍ය සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගැන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය’

අරගලයට රජයෙන් සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා ‘අරගලයට කන්දෙන්න’ යන තේමාව යටතේ විරෝධතාව පවත්වන බවද බස්නැහැක මහතා කියා සිටියේය’

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment