ලංකා ගුරු සංගමය ළඟ ස්ටාලින් විරෝධී උද්ඝෝෂණයක්

195

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සඳහා බලපෑම් කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඊයේ (25 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

මෙය නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබිණි.

එම කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් නොකරන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ අනුර කරුණාරත්න මහතා මෙසේද කීය.

සාරිය, ඔසරිය කියන්නේ ගුරුවරුන්ගේ හදවත වැනි දෙයක්. ඩොලර්වලට වහල් වුණ අය ගුරුවරුන්ට තියෙන භක්තිය විනාශ කෙරුවා. ජෝෂප්ට අභියෝග කරනවා පුළුවන්නම් පිළියන්දල කලාපයේ එක පාසලක ගුරුවරියකගේ ඇඳුම වෙනස් කරලා පාසලට එවන්න කියලා.

නව ජනතා පෙරමුණේ විධායක සභික විමුක්ති ජයසූරිය මහතා – ජෝෂප් කියන්නේ සුද්දන්ට කත් අදින කෙරුමෙක්. මේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නයි එන්නේ. අධ්‍යාපන ක්‍රමය පුද්ගලීකරණය කිරීමේ ප්‍රධාන අරමුණක් තමා මේ ක්‍රියාත්මක වෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment