ලංකා ධීවර සංස්ථාවෙන් නිවසටම මාළු

251

ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන කොළඹ නාගරික බල ප‍්‍රදේශය තුළ නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමට Uber ආයතනය සමග එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ ඉදිරි සති කීපය තුළදී කොළඹ දිස්ත‍්‍රික්කය තුළ සහ මීගමුව කුරුණෑගල මහනුවර යන නගරවලදී ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් අනතුරුව සෙසු ප‍්‍රදේශවලටත් මෙම වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ මගින් පාරිභෝගික ජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට හැකිවනු ඇත. කොවිඩ් වසංගත සමයේ පවා දිවයින පුරා පිහිටි තම අලෙවිසල් ජාලය හරහා ධීවර වරායන්ගෙන් සෘජුවම මිලදී ගන්නා ප‍්‍රමිතියෙන් යුත් මත්ස්‍ය අස්වැන්න පාරිභෝගිකයන් වෙත බෙදාහැරීමට ධීවර සංස්ථාව කටයුතු කර ඇත.

ධීවර සංස්ථාව තම බෙදාහැරීමේ ජාලය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් රට පුරා පිහිටි අලෙවිකරන ජාලය නවීකරණය සහ වැඩිදියුනු කිරීමට කටයුතු කරන අතර Uber වැනි ලොව පිළිගත් සේවා ජාලයක් හා එක්ව කටයුතු කිරීම මෙරට පාරිභෝගික

ජනතාවගේ සතුටට හේතුවනු ඇත. ඉහළ ප‍්‍රමිතියෙන් යුතු මාළු සාධාරණ මිලකට කඩිනමින් පාරිභෝගිකයන්ගේ නිවෙස්වලටම ලබා දීමට මෙම වැඩපිළිවෙළ මගින් හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පී. එල්. ජයවර්ධන කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment