ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලිය මහනුවර පරදා දඹුල්ලට ජය

228

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (06 වැනිදා) සමත්විය. ඒ මහනුවර වොරියස් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පන්දු 120කදී ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 170කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නෝ සමත්වූහ. මහනුවර වෙනුවෙන් සටන්කාමි ඉනිමක් දියත් කළ රොමන් පවෙල් පන්දු 21කදී ලකුණු 42ක් වාර්තා කළේය. හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් එම ඉනිමට ඇතුළත් විය. පන්දුවාර 12කදී මුළු ලකුණු 88කට කඩුලූ 6ක් දැවී තිබුණු මහනුවර ඉනිමට යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වූ පවෙල් සහ ඉෂාන් ජයරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සම්බන්ධතාවක් එක් කළේය. නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවක් හමුවේ චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දී පවෙල් දැවී යෑමත් සමගින් මහනුවර බලාපොරොත්තු සුන් වී ගියේය.

කාසියේ වාසිය දිනූ දඹුල්ල නායක දසුන් ශානක පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ඇරැුඹූ දඹුල්ල පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලූ 7ක් දැවී ලකුණු 190ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය.

දඹුල්ලට සාර්ථක ආම්භයක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල සහ පිල් සාල්ට් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46කදී ලකුණු 97ක් දඹුල්ල ඉනිමට එක් කළේය. පන්දු 23කදී ලකුණු 37ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ පෙරේරා අතට උඩපන්දුවක් ලබා දෙමින් නිරෝෂන් දික්වැල්ල දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය.

සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ පිල් සාල්ට පන්දු 27කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 64ක් වාර්තා කිරීමට සමත්විය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අර්ධශතකය වාර්තා කළ පිල් තමන් මුහුණ දුන් 22 වැනි පන්දුවේදී එය සම්පූරණ කළේය.

ලකුණු සාරාංශය

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 190යි (නිරෝෂන් දික්වැල්ල 37, පිල් සාල්ට් 64, ෂොයිබ් මෂූඞ් 11, දසුන් ශානක 24, සච ද අල්විස් 06, නිජ්බුල්ලා ෂද්රන් 02, නවනිඳු ප‍්‍රනාන්දු 07, චාමික කරුණාරත්න (නොදැවී) 08, රමේෂ් මෙන්ඩිස් (නොදැවී) 22, ළහිරු කුමාර 34/3, අල් අමිල් හසන් 36/2, සචිඳු කොළඹගේ 46/1, රෝමන් පවෙල් 12/1)

මහනුවර කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 170යි (කෙනර් ලෙවිස් 17, ඩෙවෝන් තෝමස් 02, චරිත් අසලංක 05, ඇන්ජලෝ පෙරේරා 24, කමිඳු මෙන්ඩිස් 17, රොමන් පවෙල් 42, අසේල ගුණරත්න 07, ඉෂාන් ජයරත්න 18, සචිඳු කොළඹගේ

(නොදැවී) 27, ළහිරු කුමාර (නොදැවී) 00, නුවන් ප‍්‍රදීප් 31/3, රමේෂ් මෙන්ඩිස් 21/3, ඉම්රාන් තහීර් 28/1, දසුන් ශානක 43/1)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment