ලංකා බැංකුවට ගිය වසරේ  රු. බිලියන 43ක බදු පෙර ලාභයක්

110

ගිය වසරේ (2021) දී ලංකා බැංකුව රු. බිලියන 43 ක ඉතිහාසයේ වාර්තාගත බදු පෙර ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇත.

ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවූ අතර එහිදී මේ බව අනාවරණය විය.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ණය ක්‍රම පුළුල් කිරීම හා දීපව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙනුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්ක බැංකුව විසින් සපුරාගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා මෙහිදී පැවැසීය.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි, අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය කළමනාකරුවන් වන වයි. ඒ. ජයතිලක, පියල් සිල්වා, රුවන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment