ලංකා බැංකුවෙන් ඔබේ අනාගතය සුරක්ෂිත කරන වැඩි පොළියක් සහිත ආයෝජන අවස්ථා

579

‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකා බැංකුව දිනෙන් දින සිය ස්ථාවරත්වය ඉහළ නංවා ගනිමින් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට වූ මූල්‍ය සේවාවන් මෙන් ම නව ආයෝජන අවස්ථා හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසිය යුතුම කරුණකි. එම නිසාම මෙරට ජනතාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ මෙන් ම, ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ලංකා බැංකුව, නව ස්ථාවර තැන්පතු ගිණුම් හිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුම්වලට වඩා වැඩි වාර්ෂික පොළියක් ලබා දෙන මෙම නව BOC ස්ථාවර තැන්පතු ගිණුම් මගින් ගනුදෙනුකරුවන් අයෝජනය කරන මුදල වර්ධනය කරමින් අද්විතීය ප්‍රතිලාභ රැසක් ලබා දීම විශේෂිතය.

ලංකා බැංකුව හඳුන්වා දුන් ‘100 Days Investment’ ස්ථාවර තැන්පතුව, ඉහළ ප්‍රතිලාභ රැසක් ඉතා කෙටි කලක් ඇතුළත දී ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන්නා වූ ස්ථාවර තැන්පතු ගිණුමක් වන අතර, වර්තමානය වන විට එමගින් ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට ලංකා බැංකුව කටයුතු සලසා ඇත. ‘100 Days Investment‘ ස්ථාවර තැන්පතුවේ විශේෂත්වයක් වන්නේ ගනුදෙනුකරුවන් විසින් ඉතිරි කරනු ලබන මුදලට ඉහළ පොළියක් සමඟ කෙටි කලකින් ඉහළ ම ප්‍රතිලාභ, හා පූර්ණ සුරක්ෂිතභාවයක් ලැබීමයි. එමෙන්ම රුපියල් 500,000 – 1,499,999, රුපියල් 1,500,000 – 2,499,999 සහ රුපියල් 2,500,000 සිට ඉහළට ආදී වශයෙන් සුවිශේෂී ආයෝජන අවස්ථා 3ක් යටතේ ආරම්භ කළ හැකි මෙම ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය මගින් ආකර්ෂණීය පොළියක් ලබා දීමට ද කටයුතු කරන අතර, ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දෙන ඉතා සුරක්ෂිත, විශ්වසනීය හා කෙටිකාලීන ආයෝජන සැලැස්මක් වශයෙන් ද එය හැඳින්විය හැකිය.

රුපියල් 500,000 කින් ඇරඹිය හැකි, ලංකා බැංකුවේ ‘200 Days Investment’ ස්ථාවර තැන්පතුව ද ඉතා සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන ස්ථාවර තැන්පතු ගිණුමකි. ආයෝජනය කරන මුදල වැඩි කර දෙන මෙම ස්ථාවර තැන්පතුව ද රුපියල් 500,000 – 1,499,999, රුපියල් 1,500,000 – 2,499,999 සහ රුපියල් 2,500,000 සිට ඉහළට ආදී වශයෙන් සුවිශේෂී ආයෝජන අවස්ථා 3ක් යටතේ ආරම්භ කළ හැකිය. ලංකා බැංකුව සමග ගනුදෙනු කිරීමේ දී ලැබෙන උපරිමවිශ්වාසය හා පූර්ණ ආරක්ෂාව මෙන්ම වෙළෙඳපොළ ඉහළම වාර්ෂික පොළිය නිසා ම ගනුදෙනුකරුවන්ට මෙම ‘200 Days Investment’ ස්ථාවර තැන්පතුව මගින් ඉතා සුවිශේෂී ඉතුරුම් අත්දැකීමක් ලබා ගත හැකිය.

ආයෝජනය කරන මුදල වසර 4 න් දෙගුණ කරන ස්ථාවර තැන්පතු ගිණුමක් ලෙස ලංකා බැංකුව හඳුන්වාදෙන ‘BOC Double Your Investment’ ස්ථාවර තැන්පතු ගිණුම හඳුන්වා දිය හැකිය. අවමය රුපියල් 1,000,000 කින් ඇරඹිය හැකි මෙම ස්ථාවර තැන්පතුව ඉහළ වාර්ෂික පොලී අනුපාතයක් ලබා දෙන අතර, වසර 4ක ආයෝජන කාලසීමාව අවසානයේ ඉතිරි කළ මුදල මෙන් දෙගුණයක් ආපසු ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. එමෙන් ම ආයෝජන කාලසීමාව තුළ තැන්පතුව මත 90%ක ක්ෂණික ණය පහසුකමක් ලබාගත හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි.

මෙම ස්ථාවර තැන්පතු පිළිබඳව අදහස් දක්වමින්, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා මහතා ප්‍රකාශ කළේ , “ලංකා බැංකුව මේ රටේ ජනතාව ඉතිරිකිරීමට හුරුකරවීම වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කරන ආයතනයක්. ඒ වගේ ම අප හඳුන්වා දෙන නව ඉතුරුම් සැලසුම් හරහා ගනුදෙනුකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දිමටත් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. දිනෙන් දින වෙනස් වන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව වගේ ම, වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන ලංකා බැංකුව හඳුන්වා දී තිබෙන ‘100 Days Investmentල 200 Days Investment සහ ‘BOC Double Your Investment’ යන ස්ථාවර තැන්පතු ගිණුම් මගින් ඉතා සුවිශේෂී ඉතුරුම් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබා දෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment