ලංකා බැංකුවෙන් පිට පිට රට තෑගි

152

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව මෙරටට විදේශ ප්‍රේෂණ එවනු ලබන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව ඇගයීම වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත.වර්තමානයේ මෙරටට දැඩි අවශ්‍යතාවක්ව පවතින විදෙස් මුදල් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම, එසේ මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ ම එවීම සඳහා දිරිගැන්වීම මෙන් ම මෙරට ප්‍රේෂණ වෙළෙඳපොළ තුළ සිය ප්‍රතිශතය වර්ධනය කරගැනීම ලංකා බැංකුව මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් අරමුණු කරන අතර එය 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහනට අනුව දිනපතා දිනුම් ඇදීම් මගින් රුපියල් 10,000ක් වටිනා ත්‍යාග වවුචර් 365 ක්, සති පතා දිනුම් ඇදීම් මගින් රුපියල් 100,000 තෑගි වවුචර් 48 ක්, මාස් පතා දිනුම් ඇදීම් මගින් රන් කාසි 75 ක් මෙන්ම අවසන් මහා දිනුම් ඇදීමේ දී රුපියල් මිලියන 30 ක් වටිනා අධි සුඛෝපභෝගී නිවසක් ආදී වශයෙන් වටිනා ත්‍යාග රැසක් ලබා දීමට නියමිතය. දේශීය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ නව ප්‍රවණතා හඳුනා ගනිමින්, වසර ගණනාවක් පුරා සමාජ-ආර්ථික වෙනස්කම්වලට ක්ෂණිකව අනුගත වීම නිසා ලංකා බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය තුළද ඉමහත් පිළිගැනීමට ලක්වී ඇති අතර, වර්තමානය වන විට මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වීමට ද සමත් වී ඇත.ලොව පුරා වෙසෙන සිය ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් ඉතුරුම් සඳහා හොඳම පොලී අනුපාත ලබා දීමට කටයුතු කරන ලංකා බැංකුව, ඊට සමගාමීව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ඔවුන් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ මුදල් ඉතිරි කර ගැනීම සඳහා ද ඔවුන් දිරිමත් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වාර්ෂිකව මෙරටට ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණවලින් 40% ක් පමණ තමා සතු කර ගනිමින් මෙරට ඉහළ ම අභ්‍යන්තර ප්‍රේෂණ සේවා සපයන්නා බවට වීමටද ලංකා බැංකුව සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment