ලංකා බැංකුවේ තෙල්දෙණිය ශාඛාව නව නිවහනකට

73

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්‍ෂම බැංකු සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමේ අරමුණින්, නවීන ඩිජිටල් තාක්‍ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ තෙල්දෙණිය ශාඛාව නො. 21, විල් අමුණ, තෙල්දෙණිය යන ලිපිනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිලි පිරිශ‍්‍රයට පිවිසීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් පැවති උත්සවය සියලූම සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වුණු අතර එම උත්සවය සඳහා ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකාරු (විකුණුම් හා හැසිරවුම්) ප‍්‍රියල් සිල්වා, සහකාර මහා කළමනාකාර (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි සහ මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකාර සරත් විජේසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

තෙල්දෙණිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන් සමාජ, ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් ප‍්‍රධාන, සේවාවන් රැසක් ලබාදීම ලංකා බැංකු නව ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඉඩ පහසුකම් සහිත වපසරියක් තුළ ඩිජිටල්කරණ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මගින් ගනුදෙනුකරුවන්ට උදාකරදී ඇත.

දිවයින පුරා ඇති ලංකා බැංකු ශාඛා ජාලය සමග සම්බන්ධවී ඇති නිසා ගනුදෙනුකරුවන්ට තෙල්දෙණිය ශාඛාව හරහා රටේ ඕබෑම ප‍්‍රදේශයක් සමග බැංකු ගනුදෙනු සිදු කරීමේ වරප‍්‍රසාදය හිමිවේ. ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්පදු, උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන්ම දිවි උදාණ ණය යෝජනා ක‍්‍රමය වැනි විශේෂ ණය පහසුකම්ද මෙම ශාඛාව මගින් ලබාගත හැකිවීම විශේෂිතය. එමෙන්ම ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඞ්පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන්ම පේ‍්‍රෂණ සේවාවන්ද ලබාගත හැකිවීම නිසා තෙල්දෙණිය ශාඛාව මගින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment