ලංකා බැංකුවේ නව සභාපති වැඩ භාරගනී

234

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පත් කර ඇති අතර, ඒ මහතා 2023 ජනවාරි 20 වැනි දින ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගන්නා ලදී.

ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලය විසින් නව සභාපතිවරයා උණුසුම් ලෙස පිළිගැනිණි.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඛඛඊ උපාධිය ලබා ඇති අතර, එක්සත් රාජධානියේ නොදුමබ්‍රියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ඛඛඵ උපාධිය ද ලබා ඇත. 2012 වසරේ දී ජනාධිපති නීතීඥවරයකු ලෙස පත් කෙරුණු පෙරේරා මහතා මීට පෙර අවස්ථා කිහිපයක දී ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස මෙන් ම අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

මූලික අධිකරණවල මෙන් ම අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කර ලබා ගත් පුළුල් පරිචයක් සහිත පළපුරුදු නීතිඥයකු වන පෙරේරා මහතා සිවිල් හා අපරාධ නඩු සහ වාණිජ හා ප්‍රවාහන ගිවිසුම් සැලසුම් කිරීම හා කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි. වාණිජ නීතිය, බැංකු නීතිය, කාර්මික නීතිය, වාරණ, අපහාස, මැතිවරණ පෙත්සම්, සිවිල් අභියාචනා, ප්‍රතිශෝධන අයදුම්පත්, රිට් අයදුම්පත් සහ මූලික අයිතිවාසිකම් ආදී නඩු සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන ඒ මහතා වාණිජ බේරුම්කරණ කිහිපයක් වෙනුවෙන් පෙනී සිට ඇත.

පෙරේරා මහතා සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස මෙන් ම ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. එමෙන් ම ඒ මහතා සීමාසහිත BOC (UK) Limited Merchant Bank of Sri Lanka& Finance Plc යන ආයතනවල සභාපතිවරයා ලෙස ද, ලංකා බැංකුවට අනුබද්ධිත Hotels Colombo (1963) Limited හි වැඩබලන සභාපතිවරයා ලෙස ද, ලංකා බැංකුවේ ආශ්‍රිත සමාගම් වන Mireka Capital Land (Private) Limited සහ Mireka Homes (Private) Limited යන ආයතනවල අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment