ලංකා බැංකුවේ පින්නවල ශාඛාව නව නිවහනකට

73

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්‍යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා’ බැංකුවේ පින්නවල ශාඛාව මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ CRM පහසුකම්ද සමගින් නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, සබරගමුව පළාත් සහකාර මහා කළමනාකරු දුමින්ද දයාවංශ, සබරගමුව පළාත් මෙහෙයුම් කළමනාකරු පත්මේන්ද්‍ර ප්‍රේමරත්න, කෑගල්ල ප්‍රාදේශීය කළමනාකරු තිලාන් රාජකරුණා, පින්නවල ශාඛා කළමනාකාරිණී නදීකා සේනාලි, රඹුක්කන අතිරේක ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

සංචාරක ආකර්ෂණය දිනා ඇති ප්‍රදේශයක් වන පින්නවල ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම, සහ පින්නවල ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන හෝටල් කර්මාන්තය සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප්‍රධාන බැංකු සේවාවන්

රැසක් ලබා දෙමින් විදේශීය විනිමය රට තුළට ගෙන ඒම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් සහ සංචාරකයින්ගේ දැඩි අවශ්‍යතාවක් වූ විදෙස් මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ඇතුළු සුවිශේෂී සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment