ලංකා බැංකුවේ 83 වැනි සංවත්සරය සැමරේ

71

ලංකා බැංකුවේ අසූතුන්වැනි සංවත්සරය ඊයේට (01 වැනිදා) යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ලංකා බැංකු මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි. ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත, මහාකළමනාකරු කේ.ඊ.ඩී.සුමනසිරි යන මහත්වරුන් ප්‍රමුඛ ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන්, ගනුදෙනුකාර භවතුන් ඇතුළු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලංකා බැංකුවේ 83 වැනි සංවත්සරය සැමරේ

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා සැමරුම් උත්සවය ඇමතූ අයුරු, ලංකා බැංකු සභාපතිවරයා විසින් එම අවස්ථාවට පැමිණි ගනුදෙනුකරුවන් නියෝජනය කරමින් අයිඩියල් සමූහ ව්‍යාපාරයේ උප සභාපති අරවින්ද ද සිල්වා මහතාට සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු සහ මෙම සැමරුම් උත්සවයට සමගාමීව පැවැති ලේ දන්දීමේ පිංකමේ අවස්ථාවක්ද ඡායාරූපවල දැක්වේ.

ලංකා බැංකුවේ 83 වැනි සංවත්සරය සැමරේ



 ඡායාරූප – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment