ලංකා බැංකුව අඛණ්ඩව 14 වතාවක් අංක 1 බැංකු සන්නාමය ලෙස අබිසෙස් ලබයි

122

ලංකා බැංකුව (BOC) දේශීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගෙන ඇති ස්ථාවරත්වය නැවතත් තහවුරු කරමින්, Brand Finance Lanka ආයතනය මගින් වාර්ෂිකව සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමේදී මෙවරත් අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කෙරුණු අතර, මෙය ලංකා බැංකුව අඛණ්ඩව එම ජයග්‍රහණය හිමිකරගත් 14 වැනි වතාව වීම විශේෂිතය.

එමෙන්ම 2022 රු. බිලියන 53.919 ක සන්නාම වටිනාකමක් වාර්තා කළ BOC සන්නාමය, වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ රු. බිලියන 50 ඉක්මවන එකම බැංකු සන්නාමය බවද සඳහන් කළ යුතුමය.

මෙරට ජනතා අභිලාෂයන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීම මෙන්ම, මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම හා නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් පිළිබඳව මෙරට ජනතාවගේ විශ්වාසය ගොඩනඟමින් සුවිශේෂී මූල්‍ය සේවාවක් ලබාදීම යන කරුණු නිසාම ලංකා බැංකුව අද දක්වාම සිය පැවැත්ම හා ස්ථානය තහවුරු කරගැනීමට සමත් වී ඇත. එමෙන් ම සමාජ – ආර්ථික සැලැස්මෙහි සංයුතිය පිළිබඳ ලංකා බැංකුව සතු ඉතා හොඳ අවබෝධය නිසා ම මෙරට මූල්‍ය ක්ෂේත්‍රය වෙත නවතම සේවාවන්
රැසක් හඳුන්වා දීමටද එම බැංකුව සමත් වී ඇත.

ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවසුවේ “ශ්‍රී ලාංකේය උරුමයන් හා අභිලාෂයන්ට සරිලන, මේ රටේ ජනතාවගේ සිත් සතන් තුළ ගැඹුරින් මුල් බැසගත් දේශීය සන්නාමයක් විදියට ලංකා බැංකුව කෙරෙහි ජනතාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් තබා ඇති විශ්වාසයට මම මගේ කෘතඥතාව පළ කරනවා.

මේ පිළිබඳව ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතා පැවසුවේ, “ලංකා බැංකුව අඛණ්ඩව වසර 14ක් අංක 1 බැංකු සන්නාමය බවට පත් කරගැනිමට හැකිවීම ඉතා විශාල ජයග්‍රහණයක්. යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment