ලංකා බැංකුව ඉතුරුම් සමග අනාගතය සැලසුම් කරන්නට ශ්‍රී ලාංකික ජනතාවට මග හසර පෙන්වයි

79
ප්‍රියල් සිල්වා මහතා නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ලංකා බැංකුව

‘ඉතුරුම් ඔබ අනාගතයට සූදානම් කරයි’ යන තේමාව යටතේ මෙවර සකසුරුවම් දිනය සමරන සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සිය උණුසුම් සුබ පැතුම් එක් කරයි.

ලංකා බැංකුව විසින් දේශීය ඉතුරුම් නංවාලීමේ කාර්යය 70 දශකයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සිදුකරන ලද අතර, 80 දශකයේ ආරම්භ වූ මහවැලි ව්‍යාපාරය හරහාද ගොවි ජනතාවගේ ඉතුරුම් සවිමත් කරමින් ඉතුරුම් සාක්ෂරතාව වර්ධනය කරන්නටසමත් විය. මෙරට ආර්ථිකය ගොඩනැංවීමේ අද්විතීය මෙහෙවරට උරදී සිටින ලංකා බැංකුව දශක අටකට වැඩි කාලයක් පුරා දිවයිනේ සිව්දෙස විහිදුණු සිය ශාඛා ජාලය සමගින් පොදු ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමේ කර්තව්‍යයේ නියැලී සිටි.

තම නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑ ම තැනක සිට, ඕනෑම වේලාවක අන්තර්ජාල බැංකුකරණය ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙමින්, Internet Banking, B App, Smart FD, Smart Pass Book ඇතුළු පහසුකම් රැසක් ලබා දෙන ලංකා බැංකුව, දිවයින පුරා විහිදුණු ATM, CDM හා CRM සහිත ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක් හරහා ලංකා බැංකුව සේවා ලබා දෙයි. හරිත බැංකුකරණ සංකල්පය හරහා කඩදාසි භාවිතය අවම කිරීමත්, කාබන් විමෝචනය අඩු කිරීමත් විකල්ප බලශක්ති ප්‍රභවයන්ට යොමුවීම හරහා සූර්ය බලශක්තියෙන් ශාඛා සවිබල ගැන්වීමත් යන කරුණු හරහා බලශක්ති සුරක්ෂිතතාව මෙන් ම ස්වාභාවික සම්පත් සංරක්ෂණයද සක්‍රීයව ඉටුකිරීමට ලංකා බැංකුව සමත් වී ඇත.

පූර්ණ ස්වයංක්‍රීය BOC DIGI ශාඛා 4ක් පවත්වා ගෙන යමින් ඉතුරුමට නව්‍යකරණය මුසු කරන්නට සමත් වූ ලංකා බැංකුව SmartGen පහසුකම සමගින් පාස්පොත රහිතව e – statement මගින් ගිණුම් විස්තර ලබා ගැනීමේ පහසුවද ගනුදෙනුකරුවන්ට ලබා දෙන අතර, පරිසර හිතකාමී බැංකුකරණය සමගින් පාරිසරික සංරක්ෂණය පිළිබඳ වූ ජාතික වගකීම ඉටු කිරීමටද කටයුතු කරයි.

ලංකා බැංකුව ඉතිරිය වගේම සකසුරුවමත් මේ රටේ ජනතාව තුළ ගොඩනැංවීමට නිරන්තරයෙන් කැප වෙනවා. අපි ජනතාවට මුදල් ඉතිරි කිරීමේ මාර්ගය වගේම, නවීන මූල්‍ය සේවා හඳුන්වාදීම හරහා කාලය ඉතිරි කර ගැනීමේ මාර්ගයත් කියල දෙනවා. ඒ නිසාම ශ්‍රී ලංකාව තුළ සකසුරුවම හොඳින්ම ප්‍රවර්ධනය කරන බැංකුව විදියට ලංකා බැංකුව හඳුන්වා දීමට පුළුවන්. මෙම සියලු‍ම ක්‍රමවේද මගින් දේශීය ඉතුරුම් ඉහළ නංවමින් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. මේ රටේ අංක එකේ බැංකුව විදියට එම අරමුණ යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් හැකි සෑම සහයෝගයක්ම අපි ලබා දෙනවා යනුවෙන් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment