ලංකා බැංකුව ඉන්දියානු රුපියලෙන් ගනුදෙනුවට නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි

262

ලංකා බැංකුව, ඉන්දියානු රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු කළ හැකි නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි. SAARC ්‍කලාපය තුළ වෙළෙඳ කටයුතු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල් නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස මෑතකදී පිළිගැනීමත් සමග, ලංකා බැංකුව සිය චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල්වලින් සිය පළමු භදිඑරද ගිණුම විවෘත කෙරිණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකා බැංකුව විසින් මෙම නව ක්‍රමවේදය හරහා ඉන්දියාව සමග ඉන්දීය රුපියල්වලින් පළමු ගනුදෙනුව සිදු කරන ලද අතර, එමගින් මෙරට විදේශ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින්, එවැනි ගනුදෙනුවක් සිදු කළ පළමු ශ්‍රී ලාංකේය බැංකුව බවට ලංකා බැංකුව පත් විය.

මෙම නව සේවාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින්ට දැන් සෘජුවම ඉන්දියානු රුපියල් භාවිතයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන අතර, එම නිසා විදේශ විනිමය ආශ්‍රිත ගනුදෙනුවලදී ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත් කර, ඉන් අනතුරුව ඇමරිකානු ඩොලර් ඉන්දියානු රුපියල් බවට පත් කිරීම වැනි සංකීර්ණ ගනුදෙනු ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා බැංකුව ෂභඍ ඉන්දියානු රුපියල් නම් කරන ලද මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇති අතර, එය ඉන්දියාව සමග ද්විපාර්ශ්වික ගනුදෙනු සිදු කිරීම ක්‍රමවත් කිරීමට සමත් වී ඇත. මෙම නව සේවාව මගින් ඇමරිකානු ඩොලර් මත යැපීම අවම කරමින්, අපනයන, ආනයන සහ ප්‍රේෂණ සඳහා සිය ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් සහයෝගය දැක්වීමට ලංකා බැංකුව අපේක්ෂා කරයි.

මේ නිසා දෙරට අතර ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වය ද වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන අතර, එමඟින් දෙරටේ අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට විශාල වශයෙන් පහසුකම් සැලසෙනු ඇත.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතා ඉන්දියානු රුපියල් මගින් සිදු වන මංගල ගනුදෙනුව නව පද්ධතිය හරහා සිදු කරයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන) ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු (භාණ්ඩාගාර) ඒ. ඩබ්ලිව්. ආර්. තුෂාන්ත යන මහත්වරුද සහභාගිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment