ලංකා බැංකුව උත්කර්ෂවත් අන්දමින් මෙවර ලෝක ළමා දිනය සමරයි

67

මෙවර ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් ලංකා බැංකුවද එක් විය.විනෝද ක්‍රීඩා, සංගීත සංදර්ශන, තූර්යවාදන සංදර්ශන ආදී විවිධ විචිත්‍රාංගවලින් සමන්විතව දෙහිවල එස් ද එස් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙවර ලෝක ළමා දින සැමරුම් උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය කටයුතු කලාප අංක II) වයි. ඒ. ජයතිලක, ප්‍රධාන නීති නිලධාරී භද්‍රා කල්‍යාණප්‍රිය ගුරුසිංහ, ප්‍රධාන අභ්‍යන්තර විගණක මධුවන්ත ලියනගේ, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ, නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) අජිත් කරුණාරත්න, නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) එස්. සිවන්ජන් , සහකාර මහා කළමනාකාරිණී (බස්නාහිර පළාත – දකුණ) නයනා සමන්ති සහ සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකු කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.

‘ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව’ හෙට දිනයේ රටේ වගකීම භාර ගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් මෙන්ම දැයේ ප්‍රගමනය වෙනුවෙන් මහත් කැපකිරීම් සිදු කරමින්, වර්තමාන සහ අනාගත උන්නතිය වෙනුවෙන් අතීතය ගොඩනැගූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙරට ජනතාවගේ දිනෙන් දින වෙනස් වන විවිධ වූ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ලංකා බැංකුව, දරු පරපුර වෙනුවෙන් ම වෙන් වූ ඉතුරුම් ගිණුම් මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉතුරුම් හා ජංගම ගිණුම් ඇතුළු සුවිශේෂී ණය යෝජනා ක්‍රම රැසක් ද හඳුන්වා දී තිබේ. මල් කැකුළු වැනි දූ දරුවන්ට සෙනෙහසින් තිළිණ කරන BOC රන් කැකුළු Smart ළමා ඉතුරුම් ගිණුම දිවයිනේ ප්‍රචලිතම ළමා ඉතුරුම් ගිණුම ලෙස හඳුන්වා දිය හැකිය. BOC රන් කැකුළු Smart ළමා ඉතුරුම් ගිණුම විශේෂයෙන් ම සකසන ලද ඩිජිටල් බැංකුකරණ පහසුකම්වලින් ද සමන්විත වේ. BOC රන් කැකුළු Smart ළමා ඉතිරි කිරීමේ ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා වැඩි පොලියක් ලබා දෙන අතර, වයස අවුරුදු 18ට අඩු ඕනෑ ම ශ්‍රී ලාංකික දරුවෙක් වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට හෝ භාරකරුට ඕනෑ ම ලංකා බැංකු ශාඛාවකින් BOC රන් කැකුළු Smart ළමා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment