ලංකා බැංකුව දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය උදෙසා ‘BOC නැණ-මිහිර’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

69

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව විසින් සිය ආයතනික හා සාමාජීය වගකීම් ඉටු කිරීමේ තවත් එක් පැතිකඩක් ආවරණය කිරීම සඳහා මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්ට ශක්තියක් වීම උදෙසා ‘BOC නැණ මිහිර‘ අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහනට අනුග්‍රහය දක්වමින්, එම වැඩසටහන දීපව්‍යප්තව දියත් කිරීම ආරම්භ කෙරිණි.

5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු, මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන කඹුරුපිටිය උපාලි විජයවර්ධන ශාලාවේදී දියත් කෙරුණු අතර, එම වැඩසටහන සඳහා ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ, ප්‍රධාන කළමනාකරු (අලෙවි අංශය) රංජිත් ජයතිලක සහ දකුණු පළාත් මෙහෙයුම් කළමනාකාරිණී සරෝජා ඉලංගම්ගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. 5 ශේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය දැනුම, පුහුණුව හා අභිප්‍රේරණය ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාව මඟින් සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කුසලතා වධනයද අරමුණු කරයි. එමෙන්ම මෙහිදී දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ද වැඩසටහනට සහභාගි වන දෙමාපියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙයි. ඊට අමතරව එම වැඩසටහනේදී දරුවන්ගේ සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික, සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී හැකියාවන් ප්‍රවර්ධනය පිළිබඳ දෙමාපියන්ට විශේෂ දැනුවත් කිරීමක් ද ලබා දෙයි. ‘BOC නැණ මිහිර‘ සම්මන්ත්‍රණ මාලාව මුළු දිවයිනම ආවරණය කරමින් සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment