ලංකා බැංකුව 2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට නම් කෙරෙයි

77

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA),AICPA ආයතනය, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ Daily FT එක් ව සංවිධානය කළ සම්මාන උළෙලකදී ලංකා බැංකුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම ඇගයීම මඟින් මෙරට බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ලංකා බැංකුව ගොඩනඟාගෙන ඇති විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු විය.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුව සෑම අංශයක ම මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින්, තිරසාර වර්ධනයක් අත් පත් කර ගෙන ඇති බව මම පැවසීමට කැමතියි. සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමු කරමින් අභියෝගාත්මක කාලවලදී පවා සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට අපට හැකි වුණා. එසේම වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තිරසාර සංවර්ධන ඉලක්ක 17 ම සාක්ෂාත් කර ගැනීමට ලංකා බැංකුව සමත් වී තිබෙනවා. බැංකු ක්‍ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් ලංකා බැංකුව මේ වසරේදී රුපියල් ටි්‍රලියන 4කට වැඩි වත්කම් පදනමක්‌ වාර්තා කිරීමට සමත් වුණා. එය අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වයට වගේ ම අප කෙරෙහි පාරිභෝගික ජනතාව තබා ඇති විශ්වාසයටත් හොඳ ම සාක්ෂියක්”‍ යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment