ලංකා බැංකුව My Sri Lanka විදේශ මුදල් ගිණුම එළිදක්වයි

148

විදේශීය සහ විදෙස්ගත ගනුදෙනුකාර භවතුන් වෙත ඉහළම ප්‍රතිලාභ ලබා දෙමින් දේශීය ආර්ථිකය බල ගැන්වීමට ශක්තිය ලබා දීම වෙනුවෙන් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව විසින් BOC My Sri Lanka නමින් විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

BOC My Sri Lanka විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුම නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණු අතර, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු හා ශාඛා ණය මෙහෙයුම් කලාප II) වයි. ඒ. ජයතිලක සහ නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන) ආර්. එම්. එන්. ජීවන්ත යන මහත්වරු ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය නියෝජනය කරන නිලධාරීහු රැසක් එම උත්සවයට සහභාගි වූහ.

ඊට අමතරව 2023 පෙබරවාරි 4 වැනි දිනයේ දී අදාළ රටවල ස්ථාපිත තානාපති කාර්යාලවල සංවිධානය කෙරුණු නිදහස් දින සැමරුම් උත්සවවල දී ද, ලංකා බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම ගිණුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙත හඳුන්වා දීම සිදු කෙරිණි.

BOC My Sri Lanka ස්ථාවර තැන්පතුව ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, යූරෝ සහ ඔස්ටේ්‍රලියානු ඩොලර් යන ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ආරම්භ කළ හැකිය. ඉහත සුදුසුකම් ලත් මුදල් වර්ගවලින් ඒකක 5,000 ක අවම ශේෂයකින් ඇරඹිය හැකි BOC My Sri Lanka ගිණුම වසර 2 සහ 5 යන කාල සීමා සඳහා ආරම්භ කළ හැකිය. එමෙන්ම ඊධක්‍ My Sri Lanka ගිණුම පෞද්ගලික සහ ආයතනික යන දෙ ආකාරයෙන් ම ඇරඹිය හැකි අතර, විදේශයන් හි රැකියා කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට මාසික පොලිය ලබා ගත හැකි ආකාරයට සහ විදේශිකයන්ට එම මුදල විදෙස් මුදලින්ම තම රටට ගෙන්වා ගැනීමේ හැකියාව මෙම ස්ථාවර තැන්පතු ක්‍රමයෙහි විශේෂත්වයකි. එමෙන්ම BOC My Sri Lanka විදේශ මුදල් ගිණුම කල්පිරීමේදී අදාළ කාලය තුළ පවතින පොලී අනුපාතයට අනුව ස්වයංක්‍රීය ව යාවත්කාලීන වේ. BOC My Sri Lanka ස්ථාවර තැන්පතුවෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගිණුම විවෘත කර වසර දෙකක් ඇතුළත ඕනෑම මොහොතක එහි ශේෂය ඉහළ දැමීමේ (Top – Up කිරීමේ) හැකියාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment