ලංකා බැංකුව, UnionPay International සමග අත්වැල් බැඳගනිමින් UnionPay QR Code ගෙවීම් සඳහා පහසුකම් සලසයි

122

මෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව විසින්, ලොව ප‍්‍රමුඛතම ගෝලීය කාඞ්පත් ක‍්‍රමවේදය වන UnionPay International සමග අත්වැල් බැඳගනිමින් ‘UnionPay QR Code’ ගෙවීමේ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

 එමෙන් ශ‍්‍රී ලංකාව තුළ QR Code ගෙවීමේ සේවාව සක‍්‍රීය කිරීම සඳහා BOC සමග හවුල්කාරිත්වයක් ගොඩනගාගත් ප‍්‍රථම ගෝලීය කාඞ්පත් ක‍්‍රමවේදය  UnionPay සේවාවයි. මෙම සහයෝගීතාව සමගින්, Lanka QR සේවාව භාවිත කරන සියලූම ස්ථාන සමග UnionPay QR Code මගින් ගනුදෙනු කළ හැකි අතර එමඟින්  UnionPay App  භාවිත කරන්නන්ට ද ශ‍්‍රී ලංකාව තුළදී QR Code ක‍්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබේ.

 ඡුායාරූපය : සංකේතාත්මක UnionPay සහතික පත‍්‍රය අතැතිව ලංකා බැංකුමේ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි මහතා සහ UnionPay International ආයතනයේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා කළමනාකරු ක‍්‍රිස්පින් විජේසේකර මහතා ඇතුළු (වමේ සිට දකුණට) කේ. පී. මල්ලිකා මහත්මිය – ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිණී ඩිජිටල් නිෂ්පාදන ප‍්‍රවර්ධන, හරිත රාජපක්ෂ මහතා – ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු තොරතුරු තාක්ෂණ, එරංග බණ්ඩාර මහතා – ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු ඉලෙක්ට්‍රොනික බැංකු මධ්‍යස්ථාන, වයි. ඒ. ජයතිලක මහතා – නියෝජ්‍ය මහා කළමනාකරු නිමැවුම් සහ බැංකු සංවර්ධන, බෙන්සි ප‍්‍රනාන්දු මහතා – UnionPay International ආයතනයේ නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී (ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින), අරූෆ් අමානාත් සමූන් – UnionPay International ආයතනයේ අලෙවි ප‍්‍රධානී (ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින), හසිත අමරසේකර මහතා – ලංකා බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු ඩිජිටල් නිෂ්පාදන ප‍්‍රවර්ධන සහ තනූජා පෙරේරා මහත්මිය – ලංකා බැංකුමේ කළමනාකරු තොරතුරු තාක්ෂණ.

advertistmentadvertistment
advertistmentadvertistment