ලංකා ලූණු සමාගම මිලියන 170ක් ලාභ ලබයි

140

2020 වසර තෙක් වසර කිහිපයක් පාඩු ලබමින් සිටි ලංකා සෝල්ට් ආයතනය (හම්බන්තොට ලංකා ලූණු සමාගම) 2021 වසරේදී රුපියල් මිලියන 170කට අධික ලාභයක් උපයා ඇත.

මෙම වසරේදී සිය නිෂ්පාදන කටයුතුවලදී ලැබූ ලාභය පදනම්ව එහි සේවක සේවිකාවන් 1600දෙනකුට ප‍්‍රසාද දීමනා ලබා දීම ලංකා ලූණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත ස`දභරණ මහතා අතින් පසුගියදා හම්බන්තොට මහ ලේවාය ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

2019 වසරේදී කෝටි 26ක අලාභයක් පැවැති මේ ආයතනය ක‍්‍රමයෙන් 2020 වසරේදී මිලියන 57 ක ලාභයක් ඉපයීම දක්වා පරිවර්තනය කර මෙම වසරේදී එය මිලියන 170 දක්වා වැඩි කිරීමට හැකිවූයේ අලාභ වන තැන් හඳුනාගැනීම නිසා බවත් ඉදිරි වසරේදී මෙම ලාභය මිලියන 230ට වඩා වැඩි කර ගැනීමේ ස්ථිර සැලසුමක් දැනටමත් සකස් කර අවසන් බවත් මේ ගැන අදහස් දක්වමින් ලංකා සෝල්ට් ආයතනයේ සභාපති නිශාන්ත ස`දභරණ මහතා පැවසීය.

මෙම ප‍්‍රසාද දීමනා ලබාදීම ලංකා සොල්ට් යටතේ ක‍්‍රියාත්මක මහ ලේවාය, පලටුපාන, බූන්දල යන ලේවායන්වල ස්ථිර, අනියම් සහ වාරික ක‍්‍රමයට සේවයේ නියුතු සේකයන් අයත් වූ අතර ඒ සඳහා ලංකා සෝලට් ආයතනය රුපියල් මිලියන 43 ක් වැය කර ඇත.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment