ලංගමට බිලියන 3.4 ක පාඩුවක්

263

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2021 වසරේදී රුපියල් බිලියන 3.4ක පාඩුවක් ලබා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2020 වර්ෂයේදී රුපියල් බිලියන 2.2ක අලාභයක් ලබා තිබුණි. එම අලාභය 2021 වර්ෂයේදී රුපියල් බිලියන 3.4 දක්වා වැඩි වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉකුත් වර්ෂයේ (2021) සමස්ත ආදායම රුපියල් බිලියන 26.9ක් දක්වා සියයට 13.7කින් අඩු වී ඇත. සමස්ත වියදම රුපියල් බිලියන 30.4ක් වූ අතර වියදම සියයට 9.1කින් අඩු වී ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවද රජය මගින් ඉකුත් වර්ෂයේදී ආර්ථික වශයෙන් ප්‍රතිලාභ නොලැබෙන මාර්ගවල ප්‍රවාහන සේවා යෙදවීමට හා සහනාධාර වාර ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් බිලියන 12.2ක සහනාධාර මුදලක් ලංගමයට ලබාදී තිබුණි. ඉකුත් වර්ෂයේ දී ශ්‍රී ලංගමයේ ධාවන කිලෝමීටර් ගණන සහ මාර්ග කිලෝමීටර් ගණන පිළිවෙළින් සියයට 19.7 කින් හා සියයට 28.4 කින් පහළ ගොස් තිබූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment