ලංගමෙන් හරියට තෙල් දුන්නොත් පෞද්ගලික බස් සියයට  50ක් අද දුවනවා – ගැමුණු විජයරත්න

78

පෞද්ගලික බස් රථවලට ලංගමයෙන් හරියට ඉන්ධන ලැබුණොත් අද (20 දා) බස් රථ සියයට 50 ක් ධාවනයේ යෙදවිය හැකි බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්ධන හිඟයක් රට තුළ පවතින මොහොතේ සියලුදෙනා පෞද්ගලික වාහන අතහැර පෞද්ගලික බස්රථවලින් රැකියා ස්ථාන කරා යෑමට පැමිණෙන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ලංගමයෙන් පෞද්ගලික බස්රථවලට නිසියාකාරව ඉන්ධන ලැබුණහොත් පෞද්ගලික බස්රථ ධාවනය හෙට (21 දා) මුළුමනින්ම යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

“ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස්රථවලට නිසියාකාරව ඉන්ධන ලැබුනොත් බස් හරියට වැඩ කරයි. සමහර ලංගම ඩිපෝ ෂෙඩ්වලින් අපේ පෞද්ගලික බස්රථවලට ඉන්ධන ලබාගන්න ගියාම ගැටලු ඇතිවුණා. දැන් ඇමැතිතුමා කිව්වනේ ලංගමයෙන් පෞද්ගලික බස්රථවලට ඉන්ධන දෙනවා කියලා. එතුමා කියනව නම් ප්‍රශ්නයක් නැහැ. අද දවසේ බස් රථ සියයට 50 ක් විතර ධාවනයට යොදවනවා. ඒ නිසා මඟීන් කිසිදු බියක් සැකක් ඇතිකර ගන්න එපා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment