ලංගම, පෞද්ගලික බස් ගාස්තු 35%කින් නගී  අවම ගාස්තුව රු.27යි

173

ඒ අනුව රුපියල් 20ක්ව තිබූ අවම ගාස්තුව රුපියල් 27 දක්වා වැඩි වන බව ද හෙතෙම කීය.

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව සමග ඊයේ (19 දා) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹුණු බව ද හෙතෙම කීය.

බස් ගාස්තු වැඩිවීම පිළිබඳව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

බස් ගාස්තු සියයට 35කින් වැඩි කරන්න ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගත්තට සතුටු නැහැ. මේ ප්‍රමාණයත් මදි. ඒත් කරන්න දෙයක් නැහැ. බස් රථ අද සුපුරුදු විදිහට ධාවනය වෙනවා. අමතර කොටස් මිල අධිකයි. ටයර් මිල වැඩියි. අලුත්වැඩියා කරන්න ගියාම බර ගණන් යනවා. බස් කර්මාන්තය හරිම අමාරු තැනකට පත් වෙලා තියෙන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මෙසේ කීය.

බස් ගාස්තු සංශෝධනයන් පිළිබඳ දැක්වෙන ගාස්තු පත්‍රිකාව මුද්‍රණය කළා. ඒක මගීන්ගේ දැනගැනීම සඳහා සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියන් වෙත යොමු කළා. ගාස්තු පත්‍රිකා මගීන්ගේ දැනගැනීම සඳහා බස් රථවල ඇලවිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment