ලංගම බස් 2233 ක් කොටඋඩ

233

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 6,951 ක් පැවතිය ද, ඉන් බස් රථ 2,233 ක් හෙවත් සියයට 32 ක් ධාවනය නොවන තත්ත්වයේ පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දැනට ධාවනය වන බස් රථ සංඛ්‍යාව 4,718 කි. ඉන් බස් රථ 2,742 ක් වසර 10 ට වඩා පැරණි බස් රථ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ ජුනි මස 16 වැනිදා වන විට ශ්‍රී ලංගමය සඳහා දෛනික බස් රථ අවශ්‍යතාවය 7,339 ක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. ඒ අනුව දෛනික බස් රථ අවශ්‍යතාවය අනුව බස් රථ 388 ක හිඟයක් පවතියි.

ඉන්දියානු ණය පහසුකම් යටතේ බස් රථ 600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3506 ක් ඇස්තමේන්තු කර තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ආසන 32 බස් රථ 500ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබූ අතර, සැපයුම් කොන්ත්‍රාත්තුව ද ප්‍රදානය කර තිබුණි. කෙසේ වුවද ඩොලරයේ මිල වැඩිවීම මත රජය මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබීම හා බස් රථ 500 ක් මිලදී ගැනීමට ණය මුදල ප්‍රමාණවත් නොවීම නිසා බස් රථ මිලදී ගැනීම නවතා දමා තිබුණි.

ජාතික විගණන කාර්යාලය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment