ලංගම රියැදුරු, කොන්දොස්තර නිවාඩු අවලංගු කරයි

274


රටේ පවතින ප‍්‍රවාහන අවශ්‍යතාවය හේතුවෙන් ශ‍්‍රී ලංගම රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

ලංගම සතුව බස් රථ 5,600 ක් පමණ තිබෙන බවත්  ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අවසරයක් ලබා දෙන තෙක් පවතින ගාස්තුවට බස් රථ සියල්ලම ධාවනය කරන බවත් ශ‍්‍රී ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

දැනට ලංගමය තෙල් සංස්ථාවට ණය නොමැති බවත් වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ලංගමයට ලබා දෙනවා නම් විශාල සහනයක් බවත් ඔහු කීය. දෛනිකව බස් රථ ධාවනය කිරීම සඳහා ඉන්ධන ලීටර් ලක්ෂ 04 ක් පමණ වැය වන බවත් ඉන් දෛනිකව රුපියල් බිලියන 85ත් 98 ත් අතර ආදායමක් හිමි වන බවත් පැවසූ සභාපතිවරයා මගීන් ලක්ෂ 19 ක් 20 ක් ප‍්‍රවාහනය කර එවැනි ආදායමක් ලැබුණත් මේ වනවිට මගී ප‍්‍රවාහනය ලක්ෂ 14 දක්වා අඩුවී ඇති නිසා ආදායමද අඩුවක් සිදුව ඇතැයි කියා සිටියේය

චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment