ලංවිමට ලාභයි: ජනතාවට පීඩා එපා – බිල වැඩි කරන්න දෙන්නේ නෑ

211

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

විදුලි බිල නැවත වැඩි කළහොත් එය නැවැත්වීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩිකිරීමට විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතාට අයිතියක් නැතැයි ද එසේ වැඩිකරනවා නම් අනිවාර්යයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවිය යුතු බව ද රත්නායක මහතා කීවේය.

විදුලි බිල වැඩි කළොත් අධිකරණයට යන බව පැවසුව ද එසේ වුවත් එය ක්‍රියාත්මක වීම වැළැක්වීමට කොමිසමට හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.

පසුගිය අගෝස්තු මසයේ විදුලි බිල වැඩි කිරීමෙන් පසු විදුලි බල මණ්ඩලය මේ වනවිට ලාභ ලබමින් සිටින නිසා විදුලි බිල වැඩිකර මහජනතාව මේ අවස්ථාවේ පීඩනයට පත් නොකළ යුතු බව කොමිසමේ විශ්වාසය බව ද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment