ලංවිම ඉංජිනේරුවෝ 100 ක් රට හැර යෑමේ සූදානමක්!

718

රටේ මතුව තිබෙන ආර්ථික, දේශපාලන අර්බුද හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සියයක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සැරසේ.

මේ වනවිටත් ඉංජිනේරුවන් කිහිපදෙනෙකුම ඔවුන් විදේශ ගතවන බවට ආයතනයට හා ඉංජිනේරු සංගමයට දැනුම් දී ඇත.

නිදහස් අධ්‍යාපනය නිසා තමුත් ඉංජිනේරුවන් බවට පත්වී රට වෙනුවෙන් සේවය කිරීමට සිහින මැව්වත් ඉකුත් කාලයේදී රට වෙනුවෙන් අවංකව සේවය කිරීමට නොහැකි වූ බවත්, එලෙස විදේශ ගතවීමට තීරණය කර සිටින ඉංජිනේරුවෝ කිහිපදෙනෙක් ‘දිවයින’ ට කියා සිටියහ.

ලෝකයේ විවිධ රටවල ඉංජිනේරුවන් සඳහා ඕනෑ තරම්

රැකියා අවස්ථා තිබෙන බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී තමන්ට හෝ තම දරුවන්ට හොඳ අනාගතයක් නොමැති බවත් ඔවුහු කියා සිටිති.

මේ වනවිට මණ්ඩලයේ සිටින බොහෝ අය ගුවන් ගමන් බලපත්‍ර අලුත්කරමින් විදේශගත වීමට සූදානම් වන බව ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහතික කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment